කාර්යාලීය වේලාවන් තුළදී අධිවේග මාර්ගවල පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට විද්‍යුත් මුදල් එකතු කිරීමේ කුටි (Electronic Toll Collection) අලුතින් ඉදිකිරීමට තීරණය කර ඇත.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ බව පැවසුවේ, අධිවේග මාර්ග මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ ප්‍රගතිය සහ එහි ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදීය.
එහිදී ඔහු වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, අධිවේග මාර්ග භාවිත කරන පිරිස් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( පෙරගෙවුම් කාඩ් පත – ETC) ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවය.
අධිවේග මාර්ගවල පිටවීමේ දොරටු අසලදී ප්‍රවේශ පත්‍රය ලබාදී අතින් මුදල් ගෙවීමේදී තත්පර 12ත් 15ත් අතර කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ.
නමුත් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කිරීමේදී තත්පර 6ක් වැනි සුළු කාලයක් ඇතුළත වාහනයකට අධිවේග මාර්ගයෙන් පිටවීමේ හැකියාව පවතී.
ඒ හේතුවෙන් අධිවේග මාර්ග භාවිත කරන්නන් හට මුදල් ගෙවීම සඳහා ETC පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය භාවිත කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීමක්ද කරයි.
දැනට කොළඹ – කටුනායක අධිවේග මාර්ගයේ පමණක් ස්ථාපිත කර ඇති මෙම විද්‍යුත් මුදල් එකතු කිරීමේ (Electronic Toll Collection) කුටි ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේග මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලද ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.