Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අධි අවදානම් ලැයිස්තුවේ රටවල් 7ක්

කොවිඩ් අවදානම අධික රටවල් ලෙස බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් නම්කර තිබූ රතු ලැයිස්තුවෙන් රටවල් රැසක් ඉවත් කළ ද  රටවල් 7ක්  තවමත් අධි අවදානම් සහිත රතු ලැයිස්තුවට ඇතුලත් වන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ඒ අනුව තවදුරටත් මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවස්ථාව අහිමි වී ඇති රටවල් වන්නේ පැනමාව, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු, ඉක්වදෝර්, හයිටි, ඩොමිනිකන් රිපබ්ලික් යන දකුණු ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ රටවල ජනතාවට පමණි.

මීට පෙර රටවල් 54 ක් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අතර ආසියානු, අප්‍රිකානු කලාපයේ රටවල් සියල්ල එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය ඊයේ (11 )  සිට ක්‍රියාත්මක වේ.
රතු ලැයිස්තුවෙන් ඉවත් කළ රටවල පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට නිරෝධායනය වීමෙන් තොරව මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවස්ථාව හිමි වේ.

මේ අතර ඉන්දියාවද සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට පියවර ගෙන  ඇති අතර නොවැම්බර් 15 වැනිදා සිට සාමාන්‍ය මගී ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයන්ටද ඉන්දියාවේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි වේ.

වසරකට වැඩි කාලයක් තිස්සේ සංචාරයකයන්ට විවෘත නොවූ ඉන්දියාව 15  වැනිදා සිට විවෘත වුවද කෙසේ නමුත් පළමු වටයේදී ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ කුලී ගුවන් යානා මගින් පැමිණෙන සංචාරකයන් සඳහා පමණක් යැයිදා සදහන් වේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img