චීනය නව හයිපොර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මුලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදුකර ඇති බවයි.
මූලාශ්‍රවලට අනුව මිසයිලය පෘථිවිය වටා කක්ෂ ගත කළ අතර එම මිසයිලයේ වේගය අමෙරිකානු බුද්ධි අංශද පුදුමයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ. ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් තරම් වේගයෙන් යුතුව ගමන් කිරීමට හයිපොර්සොනික් මිසයිලයකට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් දෙදෙනෙකු පවසා ඇත්තේ හයිපර්සොනික් ආයුධ සම්බන්ධයෙන් චීනය විශ්මය ජනක දියුණුවක් ලබා ඇති බවත් එමගින් එක්සත් ජනපද නිලධාරීන් අවබෝධ කරගත් ප්‍රමාණයට වඩා බෙහෙවින් දියුණු බවත් පරීක්ෂණයෙන් පෙන්නුම කළ බවයි.
සතුරු මිසයිල ආවරණ මගින් හයිපොර්සොනික් මිසයිලයක් ග්‍රහණය කර ගැනීමද දුෂ්කර බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.