ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ඊයේ (15දා) පැවති අවසන් මහා තරගය නරඹමින් සිටියදී ඉන්දීය වයස 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම එරට ප්‍රමුඛ පළමුපෙළේ ක්‍රිකට් සමාජයක් වන සෞරෂ්ත්‍රා (Saurashtra) ක්‍රිකට් සමාජයේ නිත්‍ය කඩුලු රකින්නා වූ 29 හැවිදිරි අවි බරෝට් හෘද්‍යාබාධයක් හේතුවෙන් මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ පැවැත්වෙන දැවැන්තම පළමු පෙළ ක්‍රිකට් තරාගාවලිය වන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගවාරයේ ශූරතාව දිනාගැනීමට සෞරාෂ්ත්‍රා කණ්ඩායමට හැකි වූ අතර, එම ශූරතාව දිනාගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකු ලෙස දකුණතින් පන්දුවට පහරදෙන බරෝට් සැලකිය හැකියි.
අහමදාබාද්හි පිහිටි ඔහුගේ නිවසේ අයි.පී.එල්. අවසන් තරගය නරඹමින් සිටියදී මෙම අවාසනාවන්ත හෘදයාබාධය ඔහුට ඇති වී ඇති අතර, මිය යන 29 වැනි වියේ පසුවිය. මිය යන විට ඔහුගේ මව සහ බිරිඳද නිවසේ සිට ඇත.
බරෝට් මියයාමට පෙර රිලයන්ස් ජී-1 විස්සයි20 තරගාවලියටද ක්‍රීඩාකළ අතර, එම තරගාවලිය යටතේ දින පහකට පෙර පැවති තරගයකදී පන්දු 43කට මුහුණදෙමින් ලකුණු 72ක් රැස්කිරීමටද ඔහු සමත්ව ඇත.
මේ පිළිබඳ නිවේදනයක් නිතුක් කරමින් සෞරෂ්ත්‍රා ක්‍රිකට් සංගමය දන්වා සිටියේ, බාරොට් තම කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවයි. ඔහුගේ හදිසි අභාවය දැඩි කම්පනයක් ඇති කර වූ බවත්, ක්‍රිකට් සංගමයේ සියලු දෙනාම දැඩි ශෝකයට පත්ව සිටින බවයි.
ඒක ඉතාමත් කණගාටුදායක ආරංචියක්. ඊයේ රාත්‍රී 10ට පමණ අහමදාබාද්හි පිහිටි ඔහුගේ නිවසේදී ඇති වූ හදිසි හෘදයාබාධයෙන් ඔහුගේ දිවි බේරාගැනීමට ලැබුණේ නැහැ. මේක ඇදහිය නොහැකිය.
විසි නවය මිය යා යුතු වයසක් නෙමෙයි. මීට දින කිහිපයකට පෙර අප සියලු දෙනා ඉදිරිපිට ඔහු ක්‍රීඩා කරමින් සිටි අයුරු අපට මැවිලා පේනවා. නමුත් ඔහු දැන් අවසන් ගමන් ගිහින් යනුවෙන් සෞරෂ්ත්‍රා ක්‍රිකට් සංගමයේ නිවේදනයේ දැක්වෙයි.
(2011 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් පළමුපෙළ වරම් හිමි කරගනිමින්)