ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ අවිශ්ක ප්‍රනාන්දු, විස්සයි20 තරගවල අංක 04 ස්ථානයේ ක්‍රීඩාකරවීම මහේල ජයවර්ධනගේ සැලසුමක් බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවසීය.
ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර හෙට (18දා) පැවැත්වෙන තරගය පිළිබඳ අද (17දා) සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මිකී ආතර්, විස්සයි20 තරගවල අවිශ්ක ප්‍රනාන්දු අංක 04 ස්ථානයේ ක්‍රීඩා කරවීම මහේල ජයවර්ධනගේ සැලැස්මක් යනුවෙන් පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසයක් තැබිය හැකි පිතිකරුවෙකු බවට පත්ව සිටින අවිශ්ක, ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ අවසන් තරග කිහිපයේම අංක 04 ස්ථානයේ ක්‍රීඩාකළේය. එහිදී ඕමානයට එරෙහිව පැවති තරග දෙකේ පළමු තරගයේ නොදැවී ලකුණු 83ක් සහ දෙවැනි තරගයේ ලකුණු 33ක් රැස්කිරීමට සමත් විය.
එමෙන්ම ලෝක කුසලාන පුහුණු තරගවලද අංක 04 ස්ථානයේ අවිශ්ක සාර්ථක විය. එහි බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 62ක් රැස්කළ ඔහු, පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය.