ඇෆ්ගන් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණනින් යොදවන ලෙස එක්සත් ජාතීන්ගේ සංගවිධානය පසුගිය දිනක ලෝක නායකයින්ගෙන් කල ඉල්ලීමකට අනුව G20 රටවල් තමන් ඇෆ්ගනිස්ථාන ආර්ථික ව්‍යවසනයකින් බේරාගන්නනා බවට පොරොන්දුවක් ලබා දී ඇත.
ඒ අනුව ඇෆ්ගන් ආර්ථිකය සම්බන්දව G20 රටවල නායකයින් මේ දිනවලදි වර්චුවල් ක්‍රමයට සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
කෙසේ වෙතත් එම ආධාර සෘජුවම තලෙබාන් පාලකයන් වෙත ලබා නොදිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ජේ බයිඩ්න් යෝජනා කර ඇති අතර ස්වාධින ජාත්‍යන්තර සංවිධාන හරහා ඇෆ්ගනිස්ථානයට ආධාර ලබා දිය යුතු බවට ඔහු විසින් යෝජනා කර ඇතැයි ද සඳහන්.
මේ අතර තලේබාන් පාලනය පිළිගැනීමට ජර්මනිය තවමත් සූදානම් නැති බව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සමුළුවට එක් වෙමින් පවසා ඇත. මීට ආසන්නම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ පාලනය පිලිගැනීම සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට තලෙබාන්වරුන් අපොහොසත් වීම හේතුවෙන් බවද වැඩිදුරටත් සඳහන්.