පාසල් යන ළමයින්ට තිබෙන ලොකුම ගැටලුවක් තමයි විභාගයක් ලං වෙද්දී කොච්චර පාඩම් කළත් මතක නැහැ. මට මතක හිටින්නේ නැහැයි කියන ගැටලුව. ඒ වගේම සමහර පුද්ගලයන් සිටිනවා මේ කියන දේ මේ මතක නැහැ. මේ සඳහා වෛද්‍යවරුන් ලවා විවිධ ප්‍රතිකාරවලට යොමු වන අවස්ථාද දක්නට පුළුවන්. එම නිසා අද අපි ඔබට කියන්න යන්නේ ඉක්මනින් මතක තබාගත හැකි පරීක්ෂණ වලින් තහවුරු වූ සාර්ථක ප්‍රතිකර්ම 7ක් ගැනයි.
1. Rule of Three ක්‍රමය
මෙම ක්‍රමය මගින් සිදුවන්නේ තමන් විසින් එකම දේ හිතින් තුන් වතාවක් කියවීමයි. එනම්, අලුත් දෙයක් ඉගෙන ගත්තාම එය ඔබ විසින් තුන් වතාවක් හිතින් කියවීමක් මෙහිදී සිදුකළ යුතු වෙනවා. ඔබ සමහර විට ඔබට අහන්න ලැබිලා ඇති එෆ්එම් රේඩියේ වැඩසටහන් වලදී හා වෙළෙඳ දැන්වීම්වලද පවා නිෂ්පාදනයේ නම හා දුරකථන අංකය තුන්වතාවක් කියන්නේ මේ ක්‍රමය අනුගමනය කරමින්.
2. අහපු ගමන් කොළය සටහන් කරගැනීම
සමහර අයට දෙයක් අහපු ගමන් මතකයේ තබාගන්න අමාරුයි. නැවත නැවත එකම දේ කිහිප වතාවක් ඇසීමක් කළ යුතු වෙනවා. එම නිසා ඒ දේවල් ඒ වෙලේම කොළය සටහන් කරගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. මෙම ක්‍රමය තුළින් අතින් යමක් සටහන් කරගද්දී එහි අර්ථ ඉතාමත් හොඳින් හිත කාවදින බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. මේ තුළින් ඉක්මන් මතක තබා ගැනීමේ හැකියාවට සහායක් වෙනවා.
3. හොඳම වෙලාව ඔබම සොයාගන්න
දවස පැය 24ක් තිබුණත් එහි පැය 24 උපරිම කාර්යක්ෂමතාවක් ලබාගැනීමට අපහසුයි. එනම්, සමහර පුද්ගලයන් සිටිනවා දිවා ආහාර ගැනීමෙන් පසු නිදිමත වැනි ගතියක් ඇති වෙන සුළු අය එවැනි වෙලාවට පාඩම් කිරීම වැනි දෑ සිදු කිරීම නොකළ යුතුයි. ඒ වගේම පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා පාන්දර 3ත්, 6ත් අතර ඉගෙනීම් කටයුතු කරන පුද්ගලයන්ට හොඳ කාලය ලෙස. මේ කාලය තුළ බාහිර ශබ්දවලින් අඩු නිසා මොලයේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වන නිසා වඩාත් සාර්ථක ලෙස මතක තබාගැනීමේ හැකියාවක් තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා. එහෙත් සමහර අයට රාත්‍රී 10ත් පාන්දර 2 හොඳ කාලය වෙනවා. ඒම නිසා තමන්ටම හොඳම වෙලාව සොයා ගැනීම තුළින් හොඳ මතක තබාගැනීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්.
4. එකවර වැඩ කිහිපයක් සිදු කරමින් පාඩම් කිරීම
අපි පාඩම් කරන ගමන් තවත් වැඩ සිදු කරමින් පාඩම් වැඩ සිදු කරයි නම්, එය දැන්ම නවත්වන්න. එයට හේතුව පාඩම් කරන දේ හොදින් මතකෙ තබා ගැනීමට අවශ්‍ය නම්, හිත එක්වන්න අවශ්‍යයි. එම නිසා වෙන වැඩ කරන ගමන් පාඩම් කරන්න ගියොත් හිත එක තැනක නැතුව අනිත් කාර්යයන් සඳහා හිත යොමුවන බැවින් හරියට මතක තබා ගැනීමේ ශක්තියට බාධාවක් වෙනවා.
5. කියවන දේවල් නිරූපණය කරමින් පාඩම් කරන්න
අකුරු දිහා බලාගෙන ඒක දිගටම කටපාඩම් කරන්නේ නැතිව වචනවල අර්ථය හිතට අරන් කියවන එක හොඳම හා යෝග්‍යම ක්‍රමය. මෙහිදී අත්වල චලන යොදාගෙන නිරූපණය කරමින් පාඩමත් කිරීම තවත් යෝග්‍ය වෙනවා. මෙහිදි මොළයේ චාලක ප්‍රදේශවල සහභාගීත්වයත් ඉගෙනුම ලැබෙනවා. නැත්තම් පේළියක් කියවා ඒ කියවපු දේ හිතින් මවා ගන්න උත්සාහ කරන්න. එවිටද හිතේ මැවිද්දි එය මතක තබා ගැනීමට පහසුවක් වෙනවා.
6. කාට හරි පාඩම් කරපු දෙයක් කියලා දෙන්න
පාඩම් කරන දේවවල් තවත් කෙනෙකු කියලා දීම තුළින් අපි පාඩම් කරපු දේවල් ආවර්ජනය කරන්න හැකි ලැබෙනවා. ලග කෙනෙක් නැති වුනත් කෙනෙක් සිටින බව සිතාගෙන ඉගෙන ගත් දේවල් කියා දෙන්න. එවිට එම පාඩම් නැවත අපට ඇහෙන කොට අපේ මොළයේ මතක ශක්තිය වැඩි වෙනවා.
7. හොඳ නිදා ගන්න.
විභාග ලං වෙද්දි නිදි මරාගෙන පාඩම් කරත් එය එතරම් සාර්ථක උත්සාහයක් නොවේ. එහිදී ඔබ වෙහෙසකට පත්වී ලෙඩ වීමකට ඉඩ තිබෙනවා. එම නිසා දිගුකාලින මතක හොඳින් ඇති කරගැනීමට හොඳ නින්ද,විවේකයක් හොඳින් අත්‍යවශ්‍ය දෙයක්. එම නිසා එකදිගටම පාඩම් කටයුතු සිදු කරන්නේ නැතිව කෙටි කෙටි විවේක අරන් පාඩම් කටයුතු සිදු කරයි නම් එයත් මතක තබා ගැනීමේ හැකිව වර්ධනය කරගැනීමට ලැබෙනවා.