Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉන්දන මිලත් ඉහලට ආර්ථික අර්බුද හමුවේ නැවතත් රට වැසීමක් ?

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වතාවක් ඉන්දන මිල ඉහල දැමීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබුණි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහල දැමීමට තීරණය කල අතර ඒ අනුව එහි නව මිල සඳහන් වනුයේ රුපියල් 177ක් ලෙසය.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහල දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 207ක් දක්වා මේ අනුව වැඩි වනු ඇත.

එමෙන්ම ඩීසල් ලීටරයක්  රුපියල් 10කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 159ක් ලෙස සඳහන්. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 87ක් ලෙස සඳහන්.

ඒ අනුව අද දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලංකාව සතුව මේ වන විට තෙල් සංචිත ඇත්තේ තව දින කිහිපයකට පමණක් බවත් බොරතෙල් ගෙන්වීම සඳහා ඩොලර් නොලැබුනොත් රට විශාල වශයෙන් අර්බුදයක් කරා ගමන් කිරීම වැලැක්විය නොහැකි බවයි.

මෙසේ බොරතෙල් ගෙන්වීම සඳහා සතියක කාලයකට ඇමරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් වැය වන බවත් පවතින තත්ත්වය හමුවේ එම මුදල සොයා ගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවලියක් බවත් ආණ්ඩුවේ ඉහල පෙල බලධාරීන් අතර සාකච්ඡා වී ඇතැයිද වාර්තා වෙයි. එමෙන්ම ඉදිරි ඉන්ධන අවශ්‍යතාය සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇනවුම් කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් නොකිරීම නිසාවෙන් ණයවර ලිපි විවෘත කිරීමද අතරමග නැවති ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් වාර්ථා වන අන්දමට ලංකාව තුලට ඩොලර් සංචිත ගෙන්වා ගැනීම සඳහා ඇති ප්‍රභලම මාර්ගය වන සංචාරක ක්‍රියාවලියද මේ වන විට අඩපණව ඇති බවත් එයට මූලික හේතුව ලෙස ඕමික්‍රෝන් වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම තුල සංචාරක ක්‍රියාවලිය අර්බුදයකට පැමිණීම නිසා ප්‍රමාණවත් තරම් සංචාරකයන් ලංකාවට නොපැමිණීම තුල ලංකාව සතු ඩොලර් ප්‍රමාණය දිනෙන් දින සීග්‍රයෙන් අඩු වී ඇතැයිද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම එම ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඉදිරියේදී ඉන්ධන අර්බුදයත් ඩොලර් අර්බුධයත් විසඳා ගැනීමට නොහැකිව තව දුරටත් උග්‍ර අතට පත්වුවහොත් ඉදිරි කාලයේ රට නැවතත් වසා තැබීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම 2022 වසර වන විට ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකි අවධානම් රටවල් කාණ්ඩලයට ඇතුලත් කිරීමට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පසුගිය 18 වැනිදා ක්‍රියාත්මක කිරීමට කටයුතු කල අතර එම හේතුවෙන් ස්වෛරිත්ව ණය ශ්‍රේණිගත කිරීම “CCC” සිට “CC” දක්වා පහත හෙලීමට කටයුතු කරන ලදි. මේ සඳහාද ප්‍රධානම හේතුව ලෙස සඳහන්ව ඇත්තේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය, විදේශ විනිමය සංචිත වල පහත වැටීම, විදේශ ණය වාරික හා පොලී ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම බවත් එම ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනය සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් පවතින අර්බුද හමුවේ මෙරට මහජනතාවට ඉදිරියේදී මීටත් වඩා ප්‍රභල ලෙස ඉතා අසීරු කාලසීමාවකට මුහුණ දීමට සිදුවනු ඇති අතර මේ සඳහා රජය විසින් යම්කිසි වැඩපිලිවෙලක් නිර්මාණය කරන්නේද නැතිද යන්න මේ වනවිටත් ගැටළුවක් බවට පත්ව ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img