ඉන්දියාවෙන් ඇණවුම් කල තවත් නාඩු සහල් තොගයක් රුගත් නෞකාවක් අද (17) කොළඹ වරායට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
ඉන්දියාවෙන් ඇණවුම් කළ සහන් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙසේ පැමිණීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළා.
ඇණවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලැබුණු අතර ඉතිරි සහල් තොගයද මේ මාසය ඇතුළත දිවයිනට ලැබීමට නියමිත බව සඳහන්.
එමෙන්ම පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000ක් ද නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවත් සතියකට නැව් 3බැගින් වන ලෙස එම සහල් තොගය මෙරටට රැගෙන එන බවත් අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.
මෙසේ පැමිණෙන සහල් සතොස හා සමූපකාර අලෙවිසැල් හරහා බෙදා හැරීමට නියමිත බව එහි වැඩිදුරටත් සඳහන්.