Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉන්දියාවේ චිත්‍රපටයක වැඩිම මුදලක් අයකරන නිළියන් 10 දෙනා

බොලිවුඩය කියන්නේ හොලිවුඩය තරම්ම අතිශ්‍ය ජනප්‍රිය සිනමා කර්මාන්තයක්. හොලිවුඩය එක්ක කරට කරට යාමට තරම් ඉතා විශාල  ලෝක අවධානයක් බොලිවුඩ් වලටත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉන්දියාවේ සිටින ජනප්‍රිිය වගේම ධනවත්ම බොලිවුඩ් නිළියන් 10කවුද දන්නවද?එක් චිත්‍රපටයකට අයකරන මුදල කොපමනද කියලා දන්නවද?ලංකාවේ මුදලින් එය කොපමනක්ද? ඒ ගැන තොරතුරැයි මේ.

01. කන්ගනා රනාවත් 

කන්ගනා එක් චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රැපියල් කෝටි 27 අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 54ක් පමණ වෙනවා. ඉන්දියානු රජයෙන් පිළිගන්වන පත්මශ්‍රී සම්මානයෙන්ද ඇය පිදුම් ලබනවා.ඇය අවුරැදු 16 යේදී නිරෑපණ ශේස්ත්‍රයට පැමිණෙන අතර 2006 වසරේදී තම ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටයවන (Gangster)චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා. එම චරිතය ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලබන්නේ ඇයගේ අතිවිශිෂ්ඨ රංගනය හේතුවෙන්.

janamaga-deepika-padukone02. දීපිකා පදුකෝන්

දීපිකා එක් චිත්‍රපටක් සඳහා ඉන්දියානු රැපියල් කෝටි 26 අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 52ක් පමණ වෙනවා. 2006 වසරේ (Aishwarya)චිත්‍රපටයෙන් ඇයගේ රංගනය දිවිය ආරම්භ කරනවා. 2007 වසරේ බොලිවුඩ් සිනමාවට පාතබන ඇය හින්දි සිනමාවේ දැවැන්තයකු වන ශාරැක් ඛාන් සමඟතම ප්‍රථම හින්දි චිත්‍රපටය රඟපානවා. ඒ(Om Shanthi Om) චිත්‍රපටයයි. ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලැබූ එම චිත්‍රපටය දීපිකාගේ හැරවුම් ලක්ෂයද වනවා.

03. ශ්‍රද්ධා කපූර්

ශ්‍රද්ධා චිත්‍රපටයකට අයකරන මුදල ඉන්දියානු රැපියල් කෝටි 23 පමණ වෙනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 46ක් පමණ වෙනවා.ඇය ඉන්දියානු නළු ශක්ති කපූර්ගේ දියණියයි. 2010 වර්ෂයේ(Teen Patti) චිත්‍රපටයේසුළු චරිතයකට පමණපොවමින් ඇය රංගන දිවිය ආරම්භ කරනවා.ඉන්පසු ඇය 2011 වසරේ (Luvka The End)චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්ද රඟපානවා.

janamaga-alia-bhatt04 අලියා බාත්

අලියා විසින් එක් චිත්‍රපටයක ඉන්දියානු රැපියල් කෝටි 22 අයකරනවා. එය ලංකා මුදලින්න රැපියල් කෝටි 44 පමණ වෙනවා. ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක මහේෂ් බාත්ගේ දියණියයි අලියා.1999 වසරේදී (Sangharsh)චිත්‍රපටයේ කුඩා චරිතයක් රඟපාමින් ඇයබොලිවුඩයට පාතබනවා. 2012 වසරේ කරන් ජොහාර් විසින් අධ්‍යයක්ෂණය කරන (Student Of The Year)චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ආලියා ඉන්පසු බොලිවුඩයට නැතුවම බැරි චරිතයක් බවට පත්වෙනවා.

05. ප්‍රියංකා චොප්‍රා

ප්‍රියංකා ඉන්දියානු රැපියල් කෝටි 21 වනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 42 පමණ වෙනවා. 2000 වසරේ පැවැති මිස් වර්ල්ඩ් තරගයද ඇය ජයග්‍රහණය කරනවා. ඉන්දියානු රජය විසින් ලබාදෙන පත්මශ්‍රී සම්මානයද ඇය විසින්හිමිකරගෙන තිබෙනවා. ඇය 2003 වර්ෂයේදී (The Hero)චිත්‍රපටයෙන් රංගනයට පැමිණෙනවා.

06. කරීනා කපූර්

කරීනා ඉන්දියානු රැපියල් කෝටි 20 එක් චිත්‍රපටයකට අයකරනවා.එය ලංකා මුදලින් රැපියල් කෝටි 40ක් පමණ වෙනවා. රංගනය පිළිබඳ හදාරණ කාලයක ඇයට ප්‍රථම චිත්‍රපටයට ආරධනා ලැබෙනවා. ඒ 2000 වසරේදී (KahoNaaPyaar Hai)චිත්‍රපටයටයි.එම චිත්‍රපටයෙන් ඇය රංගනය ආරම්භ කරනවා.

janamaga-katrina-kaif07. කැට්රිනා කයිෆ්

කැට්රිනා විසින් ඉන්දියානු රැපියල් කෝටි 18 එක් චිත්‍රපටයක සඳහා අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 36 ක් පමණ වෙනවා.බොලිවුඩය තුල ඇය රංගනය ශිල්පිනියක් ලෙස කටයුතු කලත් සැබැවින්ම ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. ඒ ඇය බ්‍රිතාන්‍ය තුල පුරවැසි බාවය ලබා තිබෙන නිසා. 2003 වසරේදී ඇය(Doom)චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

janamaga-Sonam-Kapoor08. සෝනම් කපූර් අහුජා

සෝනම් විසින් එක් චිත්‍රපයටක් සඳහා රැපියල් කෝටි 17 අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 34 පමණ වෙනවා. ඇය සුපිරි නළු අනිල් කපූර්ගේ එකම දියණියයි. 2005දී (Black) චිත්‍රපටයෙන් රංගනය ආරම්භ කරන ඇයට එතරම් සාර්ථක ආරම්භයක් ලැබෙන්නේ නෑ. නමුත් 2013 ඇය රංගනයෙන් දායකවන (Raanjhanaa) චිත්‍රපටයෙන් ඇය නැවතත් අති සාර්ථකත්වයට පත්වෙනවා.

janamaga-vidya_balan09. විද්‍යා බාලන්

විද්‍යා විසින් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රැපියල් කෝටි 15ක් අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 30 පමණ වෙනවා.2014 වසරේ පත්මශ්‍රී සම්මානයෙන්ද විද්‍යා පිදුම් ලබනවා. ඇය රංගනයට පැමිණෙන්නේ 1995 වසරේදී. නමුත් ඉන්දියානු සිනමාවට ඇය පා තබන්නේ 2005 දී තිරගතවූ (Parineeta) චිත්‍රපටයෙන්.2012 වසරේදී ඇය ඉන්දියානු චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් වන සිද්ධාර්ත් රෝයි කපූර් සමග විවාහ වෙනවා.

10. අනුෂ්කා ශර්මා

ඉන්දියානු සුරැපී නිළි අනුෂ්කා ශර්මා විසින් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රැපියල් කෝටි 14 පමණ අයකරනවා. එය ලංකා මුදලින් රැපියල් කෝටි 28ක් පමණ වෙනවා.සුපිරි නළු ශාරැක් ඛාන් සමඟ ඇය 2008වසරේදීරංගනය දිවිය ආරම්භ කරනවා. ඒ (Rabne Ban di Jodi)චිත්‍රපටයෙන්. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය 2012 වසරේ ඇය රඟපෑ (Jab Tak Hai Jaan)චිත්‍රපටයට හිමිවුණා. 2017 වසරේදී ඇය ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමග විවාහ වෙනවා.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img