කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශීය සංචාරකයන් සඳහා වසා තිබූ ඉන්දියාවේ ජාත්‍යන්තර දේශසීමාවන් අද යළි විවෘත කෙරුණි.
ඒ කුලී ගුවන් යානා මගින් පැමිණෙන පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් සඳහා පමණයි.
ඒ අනුව අද සිට එලෙස කුලී ගුවන් යානා මගින් පැමිණෙන විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීම ආරම්භ වන අතර, නමුත් වානිජ ගුවන් යානා මගින් පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා ඉන්දියාවේ දේශසීමාවන් විවෘත වන්නේ ලබන නොවැම්බර් 15 වැනිදා සිට බවද දන්වා තිබේ.