විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පුරප්පාඩු වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ඉන්දීය හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් පත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් පුහුණුකරු රවි ශ්‍රාස්ත්‍රිගේ ධුර කාලය මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වන අතර, ඉන්දීය ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ඔහුට තවදුරටත් එම ධුරයේ කටයුතු කළ නොහැක. මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සුදුසු ප්‍රධාන පුහුණුකරුවෙකු සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
ඩ්‍රාවිඩ්, බැංගලෝරයේ පිහිටා ඇති ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, මේ වනවිට ඩුබායිහි ගොස් සිටියි.
ඩ්‍රාවිඩ්ගේ සමකාලීනයෙකු වන වත්මන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි මහතා ප්‍රමුඛ එම සංගමයේ ප්‍රධානීන්ද මේ වනවිට ඩුබායිහි සිටින අතර, එහිදී ඔවුන් විසින් ඩ්‍රාවිඩ්ට වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කර දී ඇත. විශේෂයෙන් ඔවුන් විසින් ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගන්නා ලෙස බ්‍රාවිඩ්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම්වලට ඩ්‍රාවිඩ් සිය කැමැත්ත පළකර ඇත.
ඉන්දීය ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී ඇත්තේ 2023 වසර දක්වා ඩ්‍රැවිඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස තබාගැනීමට බව සඳහන්. විශේෂයෙන් ඉදිරියේදී නවසීලන්ත කණ්ඩායමද ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, ඒ හේතුවෙන් රවී ශාස්ත්‍රි වෙනුවට ස්ථීර ආදේශකයෙකු සොයා ගැනීම ඉන්දියාව ඉක්මනින්ම කළ යුතුව ඇත.
ඉන්දීය ක්‍රීඩා විශ්ලේෂකයන් සඳහන් කරන්නේද මේ මොහොතේ ඉන්දීය කණ්ඩායම සඳහා හොඳම තේරීම ඩ්‍රැවිඩ් බවයි. ඔහු ක්‍රීඩකයින් දන්නා අතර, විශේෂයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ක්‍රීඩකයින් ප්‍රධාන කණ්ඩායම දැක්වා රැගෙන ඒමේදී ඔහු සුවිශේෂි කාර්යභාරයක් කර ඇති බවයි.
ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුවහොත්, වසර දෙකක කොන්ත්‍රාත්තුවක් යටතේ ඉන්දීය රුපියල් කෝටි 10ක වැටුපක් ලැබෙනු ඇති බව සඳහන්.
ඉන්දියාවෙන් බිහිවූ අතිවිශිෂ්ටම පිතිකරුවෙකු වන ඩ්‍රාවිඩ්, ටෙස්ට් ඉනිම් 286කදී ලකුණු 13,288ක් රැස්කර ඇති අතර, ඊට ශතක 36ක් හා අර්ධ ශතක 63ක් ඇතළත් වෙයි. ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය 52.31ක් වන ඩ්‍රාවිඩ්, ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර 04 වැනි ස්ථානයේ රැඳී සිටියි.
එමෙන්ම ඔහු එක්දින ඉනිම් 318කදී ලකුණු 10,889ක් රැස්කර ඇති අතර, ඊටද ශතක 12ක් හා අර්ධ ශතක 83ක් ඇතුළත් වෙයි. ලොව වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවන් අතරද ඔහු ලොව 10 වැනි ස්ථානයේ රැඳී සිටියි.