අපේ ජන බල පක්ෂයෙන් නෙරපු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගැන පක්ෂ ලේකම් සුසන්ත කොඩිතුවක්කු විසින් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රතන හිමියන් පෞද්ගලික මතයට කටයුතු කිරීමෙන් පක්ෂයට අසාධාරණයක් කල බවයි.
“අතුරලියේ රතන ස්වාමීන්වහන්සේට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ හැම එකක්ම දැනුවත් කරනු ලැබුවා.
නමුත් අවාසනාවකට පක්ෂය ගත්ත ජාතික මට්ටමේ තීන්දු ගණනාවකට පිටුපාලා උන්වහන්සේ උන්වහසේගේ පෞද්ගලික මතයට කටයුතු කිරීම නිසා පක්ෂයට ඡන්දය දුන් ජනතාවට විශාල අසාධාරණයක් වුනා. ඒ විරත් නෙමෙයි උන් වහන්සේ දිගින් දිගටම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කලා.
අවසානයේ පක්ෂය උන්වහන්සේගෙන් චෝදනා පත්‍රයක් යොමු කරලා ඒ සඳහා නිදහසට කරුණු විමසා සිටියා. පෙර පරිදිම උන් වහන්සේ දිගින් දිගටම පක්සෙන් ඒ යනන නිවේදන, ඉල්ලීම් කිසිවක් ගණන් නොගෙන අත්තනෝමතික ලෙස නිදහසට කරුණු දැක්වීමත් පැහැර හැර සිටියා.
ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පක්ෂයේ විනය මණ්ඩලය විසින් ඒකමතිකව උන්වහන්සේ සියලු චෝදනා වලට වරදකරු කරමින් උන් වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න”.