ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 23කින් පරාජය කර දෙවැනි එල්.පී.එල්. කිරුළත් තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායම සමත්විය. මෙහි අවසන් මහා තරගය ඊයේ (23දා) රාත්‍රියේදී පැවැත්විණි.
එල්.පී.එල්. පළමු අදියර පසුගිය 2020 වර්ෂයේදී පැවති අතර, එහි අවසන් සටනට මෙම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබාගත්හ. කෙසේ නමුත් එවර ගෝල් ග්ලැඩියේටර්ස්ට අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ලකුණු 201ක් රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස්ට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.