ලෝකයේ විවිධ රටවල ඔවුන්ටම ආවේනිකවූ විවිධ වර්ගයේ ක්‍රීඩාවල නියැලෙන අවස්ථා අපට දක්නට පුළුවන්. සමහරක් ක්‍රීඩා එක රටකට පමණක් සීමා නොවී එනම් ක්‍රීකට්, පාපන්දු වැනි ක්‍රීඩාවන් සෑම රටක් තුළම දක්කට ලැබෙනවා. ඒ වගේම ඇතැම් ක්‍රීඩා ලෝකයේ රටවල්වල පවතින නමුත් එතරම් ලොකු ප්‍රසිද්ධියක් නැති සමහරවිට ඔබ කවදාත් අහලවත් නැති අමුතුම වර්ගයේ ක්‍රීඩාවන් තිබෙනවා. එවැනි ක්‍රීඩාවන් කිහිපයක් ගැනයි අද තමයි මේ සටහන කියවලාම බලන්න කලින් අහලා දැකලා තිබුනාද කියලා.
1. Ferret Legging
මෙහිදී ෆෙරෙට් නම් මුගටියෙකු ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලබාදෙනවා. ඔවුන් විසින් මෙම මුගටියා තම වස්ත්‍රය තුළට එනම්, ඇඳුම් ඇතුළට දමා ගැනීමක් සිදු කළයුතු වෙනවා මෙහි වැඩි කාලයක් රඳවාගෙන සිටින ක්‍රීඩාකයා ජයග්‍රහණය පත්වෙනවා. මෙහි ඇති ප්‍රධානම නීතියක් තමයි සහභාගි වන ක්‍රීඩකයන් හට යට ඇඳුම් ඇඳීමෙන් වැලකී සිටිම සිදුවීමයි. එම නිසා යට ඇඳුමක් නොමැතිව සහභාගි වීම ක්‍රීඩකයාට ඇති ලොකු අභියෝගයක්.
2. Booty Slapping
මෙම ක්‍රීඩා ගොඩක් කාන්තාවන් අතර ප්‍රසිද්ධ ක්‍රීඩාවකි. මෙහිදී සිදුවන්නේ එක් ක්‍රීඩිකාවක් අනිත් ක්‍රීඩිකාවගේ පිටුපස ප්‍රදේශයට එහෙමත් නැතිනම් පාශ්චාත් ප්‍රදේශයට අතින් පහරදීමක් ගැසීම මෙහිදී වැඩිම වේදනාව දරා ගැනීමට හැකි කාන්තාව ජයග්‍රහණ ලබනවා.
3. Calcio Storico
මෙම ක්‍රීඩාවට බැලූ බැල්ලමට පාපන්දු ක්‍රීඩාවේ අන්තර්ගතයට බොහෝ සෙයින් සමාන ක්‍රීඩාවක්. එයට හේතුව පාපන්දු ක්‍රීඩාවේ ලකුණ ලබාගැනීම්, නීතිරීති කැල්සියෝ ස්ටොරිකෝ ක්‍රීඩාවටත් තිබීමයි පාපන්දු ක්‍රීඩාව වගේම පන්දුව දැල මතට යෑවීම තුළින් ලකුණු ලබා ගැනීමට හැකියාව මෙහිදී තිබෙනවා. නමුත් මෙහි වෙනසකට තියෙන්නේ ක්‍රීඩාකයා ප්‍රතිවාදි ක්‍රීඩා සමග පන්දුව තිබුණත් නැතත් සටන් කිරීමක් සිදුකළ යුතු වෙනවා.
4. Slapping
කම්මුල පහරක් ගැසීම හෙවත් කනට ගැසීම මෙම ක්‍රීඩාවේදී සිදුවනවා. රුසියාවේ පැවැත්වෙන ක්‍රීඩාවක් වන අතර මෙහි ප්‍රතිවාදියාට තදින් කම්මුල් පහර ගැසීමක් සිදු වෙනවා. මෙහි තරගය අතහරින හෝ සිහිසුන් වන ක්‍රීඩාකයා පරාජයට පත් වීමට සිදු වෙනවා අතරම මෙම ක්‍රීඩාව බොහෝදුර පුරුෂයන් සහභාගි වන ක්‍රීඩාවක් ලෙසද දක්නට ලැබෙනවා.
5. Harnessed
මෙම ක්‍රීඩාව බොහෝදුට ගෝල්ෆ් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක්. මෙහිදී එහාට මෙහාට නැමෙන සුළු කම්බියක් සහිත දිගු පිත්තකින් පන්දුවට පහරදීමට සිදු කරනවා. එවිට පැඩල අතේ තියන් ඉන්න ප්‍රතිවාදි ක්‍රීඩකයන් විසින් කෙසේ හෝ පන්දු වැළැක්වීමට කටයුතු කළයුතු වෙනවා මෙම ක්‍රීඩාව පවත්වන රට වන්නේ ස්විට්සර්ලන්තයයි.
6. Toe Wrestling
අපි විසින් සිදුකරන හෑන් ෆයිට්වලට සමානවම මෙම පාද පොර ක්‍රීඩාව සමාන වෙනාවා. මෙහි ඇති වෙනස නම් තම අත් වෙනුවට පාද භාවිතා කිරීමයි. මෙහි ජයග්‍රහණය ලබන්නේ ප්‍රතිවාදියාගේ පාදයේ කොනේ පිහිටි සීමාවලට ස්පර්ශ කරන ක්‍රීඩකයාටය.
7. Hobby horsing
මෙම ක්‍රීඩාවේදී සිදුවන්නේ අශ්ව අකෘතියක් තම පාද අතර සිරකරගෙන අශ්වයෙක් ලෙස දිවීමක්. ඒ වගේම මාර්ගයේ ඇති කඩුලු වලින් පැන පැන යෑමද සිදු කළයුතු වෙනවා. පින්ලන්තයේ පැවැත්වෙන මෙම ක්‍රීඩාව යෞවන වියේ පාසල් ගැහැණු ළමයි අතර ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසද හඳුන්වනු ලබනවා.
8. Fierljeppen
මෙහිදී එක් පැත්තකින් දුවගෙන එන ක්‍රීඩකයා ජලයේ තිබෙන රිටට පැනීම කළයුතු වෙනවා. ඉන් පසු ක්‍රීඩකයා රිටේ ඉහළ නැගීමක් සිදුකළ යුතු අතර, අනිත් පැත්ත ඇළ වන රිට උපයෝගි කරගෙන වැලි පොළව තුළට පැනීමක් කළ යුතු වෙනවා. රිටේ වැඩිම උසස් නැග්ග ක්‍රීඩාකයට ජයග්‍රහණය හිමි වෙන අතර මෙය ඔලිම්පික් ක්‍රීඩා රිටි පැනීමට සාමාන්‍ය දුරට සමානක්‍රීඩාවක් වෙනවා.