මෙතෙක් ඔස්ට්‍රේලියාවේදී හමුවූ විශාලතම හෙරෝයින් තොගය පිළිබඳව එරට පොලීසිය නිවේදනය කර ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 104ක් ලෙස ඇස්තමේන්තු කර ඇති හෙරෝයින් කිලෝ 450ක් මෙල්බර්න් වරායේ දී කන්ටේනරයක් තුළ තිබී සොයාගෙන ඇත.
මෙල්බර්න් වරාය එරට විශාලතම වරාය වන අතර එම සොයාගැනීම සැප්තැම්බර් 29 වැනිදා සිදුකර තිබුණි.
හෙරොයින් තොගය සොයාගැනීමෙන් අනතුරුව මැලේසියානු ජාතිකයෙක් ව අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පවසා ඇති අතර, ඔහුන්ට මේ වනවිට මත්ද්‍රව්‍ය තබාගැනීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර වැරදිකරු වුවහොත් ඔහුව ජීවිත කාලයටම සිරගත කළ හැකිය.