වසර 04කට පසු බොරතෙල් මිල ඉහලම අගය වාර්තා කිරීමත් සමග ඔස්ට්‍රේලියාව තුල පෙට්‍රල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහල මිලක් වාර්තා කරනු ඇතැයි අනාවැකි පල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඊයේ දිනයේදී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84.60ක් ලෙස සටහන් වූ අතර එය 2019 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහලම අගය බවද සඳහන්.
මේ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සාමාන්‍ය පෙට්‍රල් මිල ඔස්ට්‍රේලියානු ඩොලර් 1.70ක් බවට පත්විය හැකි බවට දැනුම් දී ඇත. වසර 22කට පසු පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉන්දන මිල පහළම අගය වාර්තා කර තිබුණි.