ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දී ඇත.
කමිටු වාර්තාව එහි සභාපති, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පිළිගැන්වීම සිදු කළ අතර, 2015 වර්ෂයේ 07 මස 01 වැනි දින සිට 2021 වර්ෂයේ 03 මස 17 වැනි දින දක්වා වූ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම කමිටුව මඟින් සොයා බලනු ලැබීය.