Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට ගන්න්නේද නැතිද ?

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැතිද යන්න නියෝගය නොවැම්බර් 03 වැනි දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නිවේදනය කලේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවන ලැබීය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු යන අය නම්කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික විගණනයක් සිදුකළ බවත් එම වෝහාරික විගණන වාර්තාවට අනුව වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ 2005 සහ 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4ත් 10.6ත් අතර පාඩුවක් සිදුවී ඇති බව වාර්තා ගතකර ඇති බවය.

ඊට අමතරව ඒ මහතා මූලිකත්වය දැරූ හෙජින් ගිවිසුම හරහා ද ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ අලාභ ඇතුළත් වෝහාරික විගණන වාර්තාව එම බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා පියවර ගෙන නොමැති බව පෙත්සම්කරු චෝදනාකර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඔහු අභියාචනාධිකරණය ඉල්ලා තිබේ.

ඊට අමතරව එම අලාභ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img