හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින් අද (13) අභියාචනාධිකරණය හමුවේ දැනුම්දී ඇත.
2008/2009 වසරවලදී කොළඹ සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු චෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
වසන්ත කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණ හමුවේ ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු සෝභිත රාජකරුණා සම ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රාජයේ අධිනීතීඥ ආචාර්ය අවන්ති ද පෙරේරා එ බව අධිකරණයට දැනුම් දී ඇත.