Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පළමු පියවර තබා, රටවල් දෙකකට බේස්බෝල් විනිසුරෙකු වූ අපේ කෙනෙක්

janamaga-sujeewa-wijayanayaka බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය වචනයක් නොවුණද, දිනෙන් දින එම ක්‍රීඩාව මෙරට තුළ ජනප්‍රිය වෙමින් පවතින බව නම් නොරහසකි. එය තවදුරටත් ප්‍රචලිත කිරීමට උපකාර ලබාදෙන්නන් අතර අමතකකළ නොහැකි නමකි සුජීව විජයනායක.

ඔහු බේස්බෝල් විනිසුරෙකි. නමුත් නිකම්ම නිකම් විනිසුරෙකු නොවේ. ලෝක බේස්බෝල් සංගමයේ අවසර ලත්, සුදුසුකම් සැපුරූ, ශ්‍රී ලාංකේය නාමය ලොවට රැගෙන ගිය බ්‍රෑන්ඩ් එකකි.

දශක දෙකකට ආසන්න කාලයක සිට ජපානයේ ජීවත්වන ඔහුට ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේද බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ හැකි අතර, එවැනි අවසරයක් ඇති ජපානයේ එකම තැනැත්තා සුජීව විජයනායක පමණි.

නිමා වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේද ඔහු බේස්බෝල් සහා සොෆ්ට්බෝල් ක්‍රීඩාවන්හි තාක්‍ෂණික මෙහෙයුම් කළමණාකරු ලෙසද කටයුතු කළේය.

“අපි අපේ රටට ආදරය කළොත් තමයි අපිට කවදාහරි දවසක සතුටුවෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙනියන්න මම සෑම විටම මහන්සිවෙනවා” ශ්‍රී ලංකාව ගැන ඔහුට ඇත්තේ එවන් කැක්කුමකි.

ජපානයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් බේස්බෝල් ක්‍රීඩාංගණය ඉදිකරලීමේදී එහි කටයුතු සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේද ඔහුය.

කොළඹ මහානාම විදුහලෙන් මූලික අධ්‍යපනය ලැබූ විජයනායක මහතා, 1999 වසරේදී කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් විය. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මහානාම විදුහලෙන් පැමිණි විජයනායක මහතාගේ හැරවුම් ලක්‍ෂය ආනන්දය වූ අතර, එහිදී ඔහු බේස්බෝල් ක්‍රීඩාවට යොමුවිය. 2002 වසරේදී ඔහුට බේස්බෝල් ජාතික පුහුණු සංචිතය නියෝජනය කිරීමට වාසනාව විය.janamaga-sujeewa-wijayanayaka

ඉන් අනතුරුව විජයනායක මහතා 2006 වසරේදී උසස් අධ්‍යාපනය සඳහා ජපානයේ විශ්වවිද්‍යාලකට ඇතුළත් වූ අතර, බේස්බෝල් ක්‍රීඩාවේ මහගෙදරක් බඳු වූ ජපානයේදී ඔහු ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ දැනුම තව දුරටත් වර්ධනය කරගත්තේය.

ඒ අනුව 2007 වසරේදී ජපානයේ බේස්බෝල් විනිසුරුකරුවන්ගේ පාසලට ඇතුළත් වූ අතර, එහිදී ඔහුට විනිසුරුවරයෙකු කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබාගැනීමට හැකිවිය.

වැඩිකල් නොගොස් 2008 වසරේදී ඔහුට ජපානයේ බේස්බෝල් විනිසුරුකරුවෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූ අතර, වසර 08ක අත්දැකීමකින් පසු එනම්, 2016 වසරේදී අන්තර්ජාතික විනිසුරු පදවිය ලබාගැනීමට හැකිවිය. එමෙන්ම ඔහුට ශ්‍රී ලංකාවේද බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට බලය ඇති අතර, පනස්දහසකට වැඩි ජපාන බේස්බෝල් විනිසුරන් අතර රටවල් දෙකකට සේවය ලබාදීමට හැකියාව ඇති එකම අවසරලත් පුද්ගලයා ඔහු වෙයි.janamaga-sujeewa-wijayanayaka janamaga-sujeewa-wijayanayaka

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img