Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කාටවත් කඩන්න බැරිවුණු මුරලිගේ වාර්තා

Janamaga_Muttiah_Muralitharan2ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම පන්දුයවන්නන් ලැයිස්තුවක් හැඳුවොත් එහි ඉහලම තැනක් මුත්තයියාට හිමිවෙනවා එය කිසිම සැකයක්නෑ. 1972 අප්‍රේල් 17 උපත ලැබූ මුත්තයියගේ දැන් වයස 49ක් වෙනවා. 1992දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයට එක්වෙමින් ඔහු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට පිවිසෙනවා. ඔහු එදා සිටම ශ්‍රී ලංකාවේ ජයකෙහෙළි නන්වන්න සමත්වූ ක්‍රීඩකයෙක්. ඉතාම සුවිශේෂී පන්දුයැවීමේ ඉරියව්වක් තිබීව නිසා ඔහුට 1995 දී නිතී විරෝධී පන්දුයැවීමේ චෝදනාවකටත් ලක්වෙන්න සිද්ධ වෙනවා. නමුත් මුළු කණ්ඩායමම මුරලිවටා ඒකරාශී වීමත් එක්ක එය සිදුවීම වාසියක් බවට පත්කරගෙන ඊළඟ අවුරුද්දේදී (1996) ලෝක කුසාලනයක් දිනාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙනවා.

මුත්තයියා මුරලිදරන් වැඩිම දක්ෂතා දක්වා තිබෙන්නේ ටෙස් පිටියේ වුණත්, එක්දින පිටියේත් ඔහුගේ දස්කම්වලට කිට්ටුවෙන්න පුළුවන් ක්‍රීඩකයෙකු තාම ලෝකේ බිහිවී නොමැත. 2010 වසරේදී ටෙස්ට් පිටියෙනුත්, 2011 වසරේදී එක්දින පිටියෙන් මුත්තයියා සමුගන්නවා. මුත්තයියා සමුගෙන දශකයක් ගතවූවත් ඔහු තැබූ වාර්තා බිඳහෙළීමට ලෝකේ කිසිම ක්‍රීඩකයෙකු තවම සමත්වී නැහැ. ඔහු තබා ඇති බිඳහෙළීමට අපහසුයි කියලා හිතෙන වාර්තා කිහිපයක්.

  • වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා (කඩුළු 800යි)
  • වැඩිම එක්දින කඩුලු ලාභියා (කඩුළු 534යි)
  • ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් ලබාගත් පන්දුයවන්නා (වාර 67යි)
  • ටෙස්ට් තරගයකදී කඩුලු 10 ලබාගත් පන්දුයවන්නා (වාර 22යි)
  • ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 10ක් බිඳහෙළන්න සමත්වීම.
  • සෑම රටකටම එරෙහිව තරඟයකදී කඩුලු 5 – වාර 5ක් ලබාගැනීම සමත්වීම.
  • ටෙස්ට් පිටියේ කඩුලු සන්ධිස්ථාන සියල්ලටම අඩුම තරග ප්‍රමාණයකින් ලගාවීම. (ටෙස්ට් පිටියේ කඩුලු 350, 400, 500, 600, 700, 800 යන සියල්ල අඩුම තරග ගණනකින් සම්පූර්ණ කරන්න සමත්වීම.
  • පිට පිට තරග 4 කදී කඩුලු 10 ක් ලබාගැනීම. (එය අවස්ථා දෙකකදීම කිරීමට සමත්වී තිබෙනවා.
  • ටෙස්ට් ක්‍රීඩාවේ යෙදෙන සෑම රටකටම එරෙහිව කඩුලු 50 බැගින් ලබාගැනීමට සමත්වීම. (එංගන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාවට එරෙහිව කඩුලු 100 වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.
  • ටෙස්ට් තරගවලදී පන්දු යවා කඩුල්ල බිඳ හෙලූ අවස්ථා 157 ක්. (පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.
  • ටෙස්ට් පිටියේ පන්දු යවා රුකගෙන දවාගත් වැඩිම අවස්ථා (තමා යැවූ පන්දුවෙන්ම උඩ පන්දුවක් රුකගත් අවස්ථා 31)
  • ටෙස්ට් පිටියේ වැඩිම ස්ටම්ප් කඩුලු 41ක් ලබාගෙන තිබෙනවා.
  • වැඩිම ටෙස්ට් පන්දු ගණනක් යවා ඇති පන්දු යවන්නා (පන්දු 44,039යි, ඕවර 7339 පන්දු 5යි.)
  • තම මව්රට තුළදී වැඩිම කඩුලු ගණන් ලබාගත් පන්දුයවන්නා. (කඩුලු 493යි)
  • ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයේ වැඩිම දින ගණනක් රුදී සිටීමේ වාර්තාවට හිමිකම් කියයි.
  • ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිටියේදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා. (කඩුලු 1334)

එන්. පතිරණ

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img