දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද මේ හේතුවෙන් දේශීය දියර කිරි මිල ගණන් ද ළඟදීම ඉහළ යනු බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පවසා සිටියි.
ඒ පිළිබඳව සලකා බලන බවත් වෙළෙඳපොළේ කිරි මිලත් සමග දියර කිරි මිලද සංසන්දනය කිරීමට සිදුවන බැවින් දේශීය කිරි ගොවියාට වැඩි මිලක් ලබා දීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. තරගකාරී පසුබිමක් මත දේශීය දියර කිරි මිල රජය මගින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර ව්‍යාපාරික ප්‍රජාව අතින්ම එම කාරණාව සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය. ඉන් කිරි ගොවියාත් ආරක්ෂා වන බවත් කිරි ගොවීන්ට උදව් කිරීමේ අවශ්‍යතාව නිසා මිල්කෝ සමාගම ද දියර කිරි මිල ඉහළ දමනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.