Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කෝවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ප්‍රමාද වන ලකුණු?

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කෝවිඩ්-19 එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ක්‍රියත්මක කිරීමට පෙර පාර්ශ්ව කිහිපයක අවධානය යොමුකළ යුතු හෙයින් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබේ. මෙම තීරණය 2022 ජනවාරි 01 වැනි දින සිට බලාත්මක කිරීමට නියමිතව තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන පරිදි, ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියල්ල අවසන් කිරීමට අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් ගතවනු ඇත.

“නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව නීතිමය ගැටළු නිරාකරණය කර ඇතත්, එන්නත් කාඩ්පත රැගෙන යාම හෝ QR කේතය හඳුන්වාදීම වැනි අනෙකුත් සාධක තවමත් අවසන් කිරීමට අවශ්‍යයි” ඔහු පැහැදිලි කළේය.

“එන්නත් කාඩ්පතක් රැගෙන යාමට වඩා QR කේතයක් හඳුන්වාදීම ජනතාවට පහසු වනු ඇති බව අපගේ අදහසයි. එම නිසා QR කේතය හඳුන්වා දීමට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මේ මස අවසන් වීමට පෙර අවශ්‍ය විධිමත් කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බව ඔහු අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img