Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගංජා ටොන් හයක් ගුවනින් වටලයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදුකළ ගුවන් ආවේෂණ නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අනවසර ගංජා වගා වැටලීමේ මෙහෙයුමක් සිදුකර ගංජා කිලෝග්‍රෑම් 5788 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් හමුදා බුද්ධි ආරක්ෂක පද්ධතිය මේ වගාවන් පිළිබඳ දත්ත ලබාගනු ලැබුවේ MA-60 ගුවන් යානා මගින් ලබාගත් දත්ත ඇසුරිණි.

ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ  බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස අම්පාර කුමන රක්ෂිතයේදී මෙහෙයුම සිදුකෙරිණ. අත්අඩංගුවට ගත් ටොන් හයකට ආසන්න ගංජා තොගය MI-17 භාණ්ඩ ප්‍රවාහන හෙලිකොප්ටර් යානාවකින් සහශ්‍රවේලී පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ගෙන එනු ලැබීය.

අවස්ථා හයකදී එම ගංජා තොගය ප්‍රවහනය කෙරුණු අතර ගුවන් හමුදාවේ අංක 08 ප්‍රවාහන ගුවන් යානා බලඝනය මෙහෙයුමට දායකත්වය සැපයීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img