ආර්ථිකයෙන්, ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
අද වනවිට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව, ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද හෙතෙම පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ බව පවසා සිටියේ, කැස්බෑව නගරයේ පැවති “පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ”මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි.
ගජමිතුරු කල්ලි වාදයත්, විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.