Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගම්පහ සෞඛ්‍ය ලොක්කා රජයේ සේවකයන් තමන්ගේ පෞද්ගලික කුලී වැඩට අරන්

janamaga-regionak-director-of-health-gampahaගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවකයින් කොවිඩ් මර්ධන කටයුතු සඳහා ආයතනයෙන් බැහැරව රාජකාරි කරන බව හඟවා ගම්පහ ඒකල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආපන ශාලාවක අලුත්වැඩියා කටයුතු සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි.

උදෑසන සේවයට පැමිණෙන සේවකයන් උදෑසන සේවා මුරය සඳහා පැමිණි පසු අධ්‍යක්ෂකවරයා විසින් එහි සේවකයන් හට තර්ජනය කරමින් බියවද්දා තමන්ගේ පෞද්ගලික කාර්යන් සිදුකරගන්නා බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවකයන් චෝදනා කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ස්ථිර සේවා ස්ථානය වනුයේ වතුපිටිවල රෝහල වන නමුත් තම දේශපාලන බලපෑම් උපයෝගි කරගනිමින් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තරනතුරේ රැඳි සිටින මොහුට විරුද්ධව මින් පෙරද විවිධ චෝදනා ද එල්ල වී ඇතැයි ද වාර්තා වෙයි.

මින් පෙරද ප්‍රදේශයේ රෝහලක මෘත ශරිරාගාරයක කාර්යක් ඉටු කිරීමේදි ශරීරාගාරය ඉදිකිරිමේ කටයුතු අවසන් වීමට පෙර අදාළ කොන්ත්‍රාත්කරුට ද විශාල මුදලක් ගෙවීම සම්බන්දයෙන් අදාල අධ්‍යක්ෂකවරයා හට බස්නාහිර පළාත් විගණන දෙපාර්තමේන්තුව මගින් ද පරීක්ෂණයක් පවත්වමින් සිටියි.

තවද මොහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක සාමාජිකයකු වීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img