ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගම අලෙවි කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ගැසෙල් ඇසෙට් මැනේජ්මන්ට් (පෞද්) සමාගම (Gazzelle Assest Management (Pte) Ltd) සමග ඇති කරගෙන තිබූ එකඟතාව අත්හිටුවා දැමුණු බව ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් සමාගම අයත් කාර්සන්ස් කුම්බර්බැච් සමූහය සඳහන් කරයි.
සුප්‍රසිද්ධ ලයන් බියර් සන්නාමය හිමි කාර්සන්ස් කුම්බර්බැච් සමූහයේ ආයෝජන සමාගම ලෙස මෙම ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් සමාගම ක්‍රියාත්මක වන අතර ගැසෙල් සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමකි. මෙම ගනුදෙනුවේදී ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සමාගම සතු එම සමාගමේ සමස්ත කොටස් අතරින් සාමාන්‍ය කොටස් 21,692,800ක් එනම් 83.97%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට ගැසෙල් ඇසෙට් මැනේජ්මන්ට් (පෞද්) සමාගම එකඟතාව පළ කර තිබී ඇත.
එහෙත් එම සමාගම මෙම මිලදී ගැනීම සම්පූර්ණ කිරීම සඳහා අපොහොසත්වීම මෙලෙස එම එකඟතාව අත්හැරදැමීම සිදු වුණු බව එම සමූහය සඳහන් කරයි. මෙම එකඟතාවට අනුව සිංගප්පූරුවේ ගැසෙල් සමාගම විසින් ගාර්ඩියන් කැපිටල් සමාගමේ දළ වත්කම් වටිනාකමට අනුව රුපියල් මිලියන 40ක මුදලකට අදාළ මිලදී ගැනීම සිදු කිරීමට නියමිතව තිබුණි.