Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගොවි සංවිධාන හා රජය අතර එකගතාවක්

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර ඊයේ පැවති රැස්වීමක් අතරතුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සාමාජීකයින් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙන ලදී.

එම සංදේශය සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දෙසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ වී තිබේ. මේ අනුව ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන බවත්, ඒ පිළිබඳව ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කරන බවත් මෙහිදී සහතික විය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img