Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ජ්‍යෙෂ්ට දෝනි තවත් අයි.පී.එල්. කිරුළකින් චෙන්නායි සරසවයි

janamaga-ipl-කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින් 14 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද (15දා) සමත් විය.

මෙය චෙන්නායි කණ්ඩායම අයි.පී.එල්. ශූරතාවක් දිනාගත් 04 වැනි අවස්ථාව ලෙස සැලකෙයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 193ක අසීරු ඉලක්කය හඹාගිය කොල්කටා පිතිකරුවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු165ක් පමණි.

කෙසේ නමුත් කොල්කටා ලකුණු පුවරුව පරාජිත අවසානයකින් සටහන් වුවද, ඔවුන් සාර්ථක හඹායෑමක් ආරම්භ කළේය. එහිදී ආරම්භක පිතිකරු යුගලය වූ වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් පැවැත් වූහ. එම සබඳතාව පැවැත්වූයේ පන්දු 64කදී වීමද සුවිශේෂී විය.

කෙසේ නමුත් කොල්කටා බලාපොරොත්තු බිඳහෙළමින් පළමු කඩුල්ල ලෙස අයියර් දැවීගිය අතර, ඒ වනවිට ඔහු පන්දු 32කට මුහුණදෙමින් ලකුණු 50ක් රැස්කරගෙන සිටියේය. එම ඉනිමට හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය.

අයියර්ගේ දැවීයාමත් සමඟ කොල්කටා ඉනිම පරාජය දෙසට දෝලනය වූ අතර, එහිදී සිවුවැනි කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් තරගයේ 14(13.2) වැනි පන්දුවාරයේදී දැවීයාමත් සමඟ ඔවුන්ගේ පරාජය ස්ථිර විය.

කොල්කටා ඉනිම ලකුණු 108ක් වනවිට ෂුබ්මාන් දැවීගිය අතර, ඒ වනවිට ඔහු පන්දු 43කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස්කරගෙන සිටියේ හතරේ පහර 06ක්ද සමගිනි.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් හයේ පහර 03ක් හා හතරේ පහර 07ක් සමගින් පන්දු 59කට පමණක් මුහුණදෙමින් ලකුණු 86ක් රැස්කිරීමට සමත් විය.

මීට අමතරව මොයින් අලි නොදැවී 37 (20), රුටුරාජ් ගයික්වාඩ් 32 (27), රොබින් උතප්පා 31 (15) චෙන්නායි ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට දායක වූහ.

2008 වසරේ ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලියේ මීට ඉහතදී 2010, 2011 හා 2018 වර්ෂයන්හිදීද චෙන්නායි ශූරයන් වූ අතර, කොල්කටා කණ්ඩායමද අවස්ථා දෙකකදී (2012, 2014) ශූරයන් වී සිටියේය.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img