Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ජීවිත අහිමි වීමට පෙර ජනතාව විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි

පිපෙන්නට තනන මල් පොහොට්ටුවක් දෙස බලා සිටිමු. එය පිපී, සුවඳ දී, පැහැය නෙතු රසවත් කර, පවතිනයුරු දැක්ම අපේ පැතුමයි. එහෙත් මල් කැකුළ අකාලයේ පරවී යා නම් ? ළමා පරපුර ජාතිය සුවඳවත් කරන මල් කැකුළු වන්නෝය. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මක දුර්වලතාවයන් හේතුවෙන් මේ මල් කැකුළුවෝ අකාලයේ මිලිනව යති.     

ශ්‍රී ලංකාවේ ළදරුවන්, ආසියානු කලාපයේ අනෙක් රටවලට  සාපේක්‍ෂව රෝගාබාධ වලට ගොදුරු වීමේ ප‍්‍රවණතාව අඩු වන නමුත් ඒ සම්බන්ධව සතුටු විට නොහැකිය. සංවර්ධිත රටවල ළදරු මරණ අනුපාතිකය දහසකට පහක් පමණ වන අතර, මෙහි එම අගය දහසකට 17 – 31 අතර වෙයි. මෙම ළදරු මරණ වලින් (උපත ලබා පළමු වසර තුළ දී මිය යන ළදරුවන් 65% ප‍්‍රථම මාසය තුළදී සිදුවන අතර ඉන් 90 % ක්ම උපත ලබා පළමු දින හත තුළදී සිදු වෙයි. මේ හේතුව නිසා ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට දරන ප‍්‍රයත්නයක දී වැඩිම අවධානය මෙම කාලසිමාව තුළදි ළදරුවාට වැළඳෙන රෝග සහ ආබාධ පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

          ළදරුවාගේ බර අඩුවීම, ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත ආශ්වාස ප‍්‍රාශ්වාස අපහසුතා සහ විවිධ විෂබීජ ආසාදන මරණය කෙරෙහි ළදරුවන්ට බලපායි. මීට අමතරව පාචනය, නිව්මෝනියාව, පෝලියෝ, කක්කල් කැස්ස වැනි රෝග ද ළදරු දිවිය අකර්මණ්‍ය කිරීමට සමත් වෙයි. ශ්‍රී ලංකාව තුළ දැනට සාර්ථකව ක‍්‍රියාත්මක වන ප‍්‍රතිශක්තිකරණය වැඩ පිළිවෙළවල් හේතුවෙන් වැඩි රෝග සංඛ්‍යාවක් තුරන් කිරීමට සමත් වී ඇත.

          උත්පත්ත්යෙන්ම හදවතේ පවතින සිදුරු, ඇදුම මෙන්ම වකුගඩු ආශ‍්‍රිත රෝග දළදරුවන්ගේ සෞඛ්‍යට බලපෑම් එල්ල කරයි. මෙම වකුගඩු ආසාදන අතුරින් වකුගඩු ඉදිමීමට බලපාන Nephritic සහ පටකීය ව්‍යූහයට බලපාන ‘Nephrotic Syndrome’ ප‍්‍රධාන වෙයි.

          ඩෙංගු, ජැපනීස් එන්සෙපලියිටිස්, උණ සන්නිපාතය සහ සෙංගමාලය (හෙපටයිටිස්) ද ළදරුවන්ට බලපාන තවත් රෝග කිහිපයකි. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය ආශ‍්‍රිත ආසාදන, ‘’Meningitis’ මොළ පටල සහ ඒ තුළ වන තරලයන්ට විෂ බීජ ඇතුල් වීම ‘Encephalitis’  ද භයානකය.

මේ අනුව විමසා බැලූ කල මෙරටළමා පරපුරට නීරෝගී බව උදාකර ගැනීමට බාධා කරන රෝගාබාධ රැසකි. මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මොවුන් මුදා ගැනීමට වෛද්‍ය සේවයට කළ හැකි මෙහෙය කවරේදැයි විමසා බැලීම වටී.

ශ්‍රී ලංකාව තුළ බොහෝ රෝගාබාධ ව්‍යාප්ත වීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් හේතු සාධක වී ඇත්තේ සාමාන්‍ය ජනතාව විද්‍යාත්මක සාක්‍ෂරතාවයෙන් පහත මට්ටමක පැවතීමයි. එනම් ඔවුන් විද්‍යාත්මක කරුණු ලිවීමට, දැකීමට මෙන්ම ඇසීමට දැඩි උදාසීනත්වයක් දැක්වීමයි.

මෙරටළමා පරපුර රෝග වලට පහසුවෙන් ඉලක්ක වන්නේ ඔවුන්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම නිසාය. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු ළමයින්ගෙන් 40% ක් පමණම මන්ද පෝෂණයෙන් පෙළෙයි. මේ නිසා ඔවුන්ගේ ප‍්‍රතිශක්තීකරණ හැකියාව ඉතා දුර්වල මට්ටමක පවතියි පහසුවෙන් රෝග ආසාදන වලට ගොදුරු වීම මේ නිසා සිදු වෙයි පාචනය වැනි රෝගී තත්ත්ව උග‍්‍ර වීම කෙරෙහි මෙය කේන්ද්‍රීය සාධකයකි.

ශ්‍රී ලාංකික මව්වරු තම ළදරුවාට පාචනය වැළඳුන විට ඔහුට ආහාරපාන නොදීමට වගබලා ගනිති. මේ හේතුව නිසා තවදුරටත් මන්ද පෝෂණය තීව‍්‍ර වන අතර, මින් ප‍්‍රතිශක්තිය දරුණු ලෙස අඩාල වෙයි. මෙවිට පාචනයට හේතු වූ විෂ බීජ වලට තම අණසක පහසුවෙන් පතුරුවා, ළදරුවාගේ රෝගී ස්වභාවය උග‍්‍ර කරයි. මේ නිසා සෑම විටම ළදරුවාට ආහාර සපයා රෝගයට හොඳින් මුහුණ දිය හැකි සේ ශක්තියක් ගොඩ නැංවිය යුතුය.

          යම්කිසි ආහාරයක් ලබාගත් පසුව ළදරුවාට පාචනය ඇතිවූයේ නම් ඉන්පසු කිසිම දිනක එම ආහාරය ලබා නොදීම සිදු කරයි. නමුත් සත්‍ය වශයෙන්ම පාචනය ඇති වූයේ ආහාරයක් නිසා නොව. එදිනට එහි වූ පාචන රෝග කාරක බැක්ටීරියාවන් නිසාය.

මෙම ආකාරයෙන් රෝගයක යථා ස්වභාවය, ප‍්‍රථමාධාර පිළියම් සහ රෝගය සම්බන්ධ සත්‍ය තත්ත්වය තම සේවා දායක රෝගියාට ඖෂධ නියම කරන අවස්ථාවේදීම පහදා දීම වෛද්‍යවරයාට පහසුවෙන්ම කළ හැකිය. එම කරුණු දැන ගැනීමට රෝගියාට පූර්ණ අයිතිවාසිකමක් පවතී ග‍්‍රාමීය පරිසරයේ පවතින සාවද්‍ය සම්ප‍්‍රදායික කරුණු නිවැරදි කර සන්නිවේදනය කළ යුතුය.

          මීට අමතරව ජනතාවට විද්‍යාත්මකව දැනුම රසවත්ව පේ‍්‍රරණය කිරීම උදෙසා නවකථා, ටෙලි නාට්‍ය වැනි විවිධාංග ද මෙවැනි විද්‍යා ලිපි ද පහසුවෙන්ම උපයෝගී කර ගත හැකිය. මෙවැනි කටයුතු සඳහා අදාළ වගකිව යුතු අංශ උනන්දු විය යුතුව ඇත.

විද්‍යාත්මක දැනුම ලබාදීම උදෙසා කුඩා පත‍්‍රිකා ද භාවිතා කළ හැකිය. එහෙත් දැනට විවිධ දැනුවත් කිරීම් කිරීම් උදෙසා භාවිතා කරන මෙවැනි පත‍්‍රිකා වල පවතින අකුරු ඉතා කුඩා වීම, ආකර්ෂණීය බවක් නොමැති වීම, කලූ – සුදු වර්ණ භාවිතය ආදිය නිසා ජනතාව තුළට ගමන් නොකරයි. පවතින පණිවුඩය පහසුවෙන් හා වේගයෙන් ආකර්ෂණීය ලෙස ලබාදීම ආවාට ගියාට සිදු නොකරන ක‍්‍රමවත්ව සහ සැලසුමක් සහිතව, සෑමවිටම ඉතා නිවැරදි දත්ත භාවිතයෙන් කළ යුතුය.

  ශ්‍රී ලංකාවේ දෙමාපියන් මහත් කලබලයට පත්වන රෝගී අවස්ථාවක වන උණ වලිප්පුව සම්බන්ධව දැන් අවධානය යොමු කරමු.

අයිස් වතුර ඇඟ ගැල්වීම

”ළමයට හොඳටම උණ, උණ වැඩිවෙලා ඇඟ ගැහෙන්න පටන්ගත්තා… සිහිය නැති වුණා… ඇස් උඩ ගිහිල්ලා, අතපය දරදඬු වෙලා….”

වලිප්පුව රෝගයට ගොදුරු වූ තම දරුවා සම්බන්ධව මවක් විස්තර කරන්නේ එලෙසිනි. ඇගේ දරුවාට පමණක් නොවෙයි. වයස අවුරුදු 04 – 05 ත් අතර වූ දරුවන්ගෙන් 3% – 5% ත් අතර ප‍්‍රමාණයක් වලිප්පුව රෝගී තත්ත්වයට ගොදුරු වෙති.

උණ වැඩිවී, එමගින් මොළයේ ස්නායුන්ගේ විද්‍යුත් කම්පන සීඝ‍්‍රතාව වැඩිවීම නිසා ශරීරය අසාමාන්‍ය ලෙස කම්පනය වීම (ගැහීම) වලිප්පුව යනුවෙන් හැඳින්වෙයි. උණ වැළඳී පැය 24 ක් ඇතුළත වලිප්පුව ඇතිවෙයි. මෙම තත්ත්වයට පත් රෝගී ළදරුවෙකුගේ ස්වභාවය දුටු විට දැඩි බියක්, බියකරු බවක් දැනීම ස්වාභාවිකය මෙහිදී හට ගන්නා ගැස්ම තත්පර කිහිපයක් හෝ විනාඩි දෙක තුනක් පැවතීමට පුළුවන.

          වයස අවුරුදු 05 ඉක්මවා යන විට මෙම රෝගය වැළඳීමේ ප‍්‍රවණතාවය අඩු වී යන අතර වලිප්පුව වරක් වැළඳුන විට එය නැවත සෑදීමේ හැකියාව 30%- 40% ත් අතර අගයක් ගනී. මෙම රෝගය සම්බන්ධව තවදුරටත් විස්තර විමසා බලමු.

වලිප්පුව රෝගී තත්ත්වයෙන් ළදරුවාට වන හානිය කවරේ ද?

          මෙම ගැස්ම පැය භාගයක් පමණ පැවතුණහොත් මොළය ඉදිමීම වැනි හානියක් වන්න පුළුවන්. එහෙත් බලවත්ම හානිය සිදු කරන්නේ දෙමාපියන් විසින්.

          ළමයාට සිහිනැතිව ඉන්න වෙලාවට ඉඟුරු  ඉස්ම, මතුරන ලද තෙල්, විවිධ ඖෂධ පෙති වර්ග පෙවීමට බොහෝ දෙනෙක් උත්සාහ ගනිති. මේවා ශ්වසන පද්ධතියේ හිර වී ළමයාට හානි වීමට පුළුවන් ඒ වගේම වමනය ගිය විට එම ද්‍රව්‍ය සහ වමනය ශ්වාසනාල හරහා පෙනහලූ වලට ගමන් කර ශ්වසනය අවහිර කරයි.

උණ රෝගී ළදරුවකුට වලිප්පුව රෝගය සෑදීම වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි පූර්වෝපායන් කවරේ ද?

සෑමවිටම උණ වැඩි වීම වළක්වා ගත යුතුයි. විශේෂයෙන් අපස්මාරය ‘Epilepsy’ රෝගී ළමුන්ට උණ වැළඳුණු විට සැලකිලිමත් විය යුතුයි.

තෙත රෙදි කැබැල්ලකින් ශරීරය තෙමීම, විදුලි පංකාවක් හෝ අවානක් ආධාරයෙන්පවන් සැලීම සිදු කළ හැකියි.

තෙත රෙදි කැබැල්ලකින් ශරීරය තෙත මාත්තු කළ විට, එම ජලය වාෂ්ප බවට පත්වීමට විශාල තාපයක් (ගුප්ත තාපය) ශරීරයෙන් ලබා ගන්නා නිසා ඉක්මණින්ම දේහ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය පැමිණීමක් සිදුවෙයි.

මෙවැනි අවස්ථා වලදී සමහරුන් ළදරුවාගේ ශරීරය මත අයිස් තබනවා. මෙම සුදුසු ක‍්‍රියාවක් ද?

මේ ක‍්‍රියාව නිසා අණ වැඩි වෙනවා. අයිස් වතුරෙන් ඇඟ සෝදන විට රුධිර නාලසංකෝචනය වී අවහිර වී උෂ්ණත්වය පිටවීම අඩු වීම මෙයට හේතුවයි. අයිස් නිසා සිරුරේ මතුපිට සීතල වුනත්, අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වීමක් සිදුවෙයි.

වලිප්පුව වැළඳුන පසුව අනුගමනය කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම මොනවා ද?

පෙරදී විස්තර කළ ලෙසින්ම ශරීර උණ්ණත්වය අඩු කළ හැකියි. ශරීරය පෙරවීම නොකළ යුතුයි.

ළමයා තිරස්ව තැබිය යුතුයි. හිස පහළට සිටින සේ (නාසය මුඛය පහළට සිටින සේ)  පිහිටුවන්න ඕන මෙවිට ළමයාට වමනය යන විට එම ද්‍රව්‍ය පහුසුවෙන්ම මුඛයෙන් පිට වීම සිදුවෙනවා ශ්වසන පද්ධතියට ඇතුල් වී ශ්වසනය අවහිර වීමක්ද සිදු නොවෙයි.

සිහිය හොඳින් නොපවතින්නේ නම් කිසිවක් බීමට හෝ කෑමට නොදිය යුතුය.

කාමර උෂ්ණත්වයේ පවතින තෙත රෙදි කැබැල්ලකින් (අයිස් වතුරෙන් නොවෙයි) ශරීරය විටින් විට පිස දැමිය හැකියි.

රෝගය දිගටම පවතින්නේ නම් රෝහලට ගෙන යා යුතුයි ඇත්තටම වලිප්පුව දරුණු, බිය විය යුතු රෝගයක් නොවෙයි. එහි රෝග ලක්‍ෂණ දුටු විට ඇතැම් විට වෛද්‍යවරු පවා බිය වෙනවා.

ශ්වසන හෝ ආහාර මාර්ග පද්ධතියට යම් කිසි ආසාදනයක් සිදු විට උණ වලිප්පුව ඇති වෙයි. එම නිසා වලිප්පුව රෝගය සුව වූ පසුව, එම ආසාදන තත්ත්වය හඳුනා ගෙන ඊට ප‍්‍රතිකාර කළ යුතුයි.

වෛද්‍ය   – ජි.ජී. චමල් සංජීව.

කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ ලේඛකාධිකාරී ලේඛකාධිකාරී  හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හම්බන්තොට

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img