ඩොලර් හිඟය හේතුවෙන් මෙරට කඩදාසි ආනයනය නතරවී ඇතැයි ද මේ හේතුවෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවධානමක් මතුව ඇතැයිද වාර්තා වෙයි.
දැනට මෙම අර්බුදය හමුවේ මෙරට පොත් සහ සඟරා මුද්‍රණය සීඝ්‍ර ලෙස අඩුවී ඇතැයිද පොත් ප්‍රකාශකයන් සඳහන් කරයි.
එසේම පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල මේ වනවිට සියයට 150කින් මිල ඉහල ගොස් ඇතැයි ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර සඳහන් කරයි. එමෙන්ම ඔහු සඳහන් කරනුයේ පොත් මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි තවමත් ලංකාව තුල නිශ්පාදනය නොවන නිසාවෙන් කඩදාසි හිඟයක් මෙන්ම අධික මිල ඉහල යාමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවයි.
එසේම රුපියල් 3500ට තිබු කඩාදාසී රීම් එකක් මේ වනවිට රුපියල් 5500-5800ත් අතර මිලක් දක්වා වැඩිවී ඇතැයිද මේ හේතුවෙන් ඉදිරියේදී පොත් මුද්‍රණ මිලද සීඝ්‍ර ලෙස ඉහල යා හැකි බවද ඔහු සඳහන් කරයි.