Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

තලේබාන් සමග සාකච්ඡා සාර්ථකයිලු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තලේබාන් සංවිධානයේ නිලධාරීන් අතර මුල් වරට මුහුණ මුහුණ පැවැත්වුණු සාකච්ඡාව ඉතාම හොඳින් අවසන් වූ බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව ඇමෙරිකානු නිලධාරීන් සහ තලේබාන් සංවිධානය අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී ඉරිදා මෙම සාකච්ඡා පැවැත්විණි.

මෙම සාකච්ඡා “ඍජුව සහ වෘත්තීය මට්ටමින්” පැවැති බව ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.

තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් විනිශ්චිය කරන්නේ ඔවුන් පවසන වචනවලින් නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් බව ඇමෙරිකාව මෙම සාකච්ඡාවෙන් අනතුරුවත් අවධාරණය කළේ ය.

ආරක්ෂාව, ත්‍රස්තවාදය, ඇමෙරිකානු පුරවැසියන් සහ අනෙක් විදේශිකයන් මෙන්ම ඇෆ්ගන් වැසියන්ට ආරක්ෂිතව රටින් පිටවීමට ඉඩ සැලැසීම, මානව හිමිකම්, කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට අර්ථාන්විත සමාජ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම යනාදි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා කෙරුණු බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවැසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img