Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ටෙස්ට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් හදිසියේම ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඒ් සිය පවුලේ සාමාජිකයින් සමගින් වැඩිපුර කාළය ගත කිරීම වෙනුවෙනි. ඩි කොක්ගේ බිරිඳ ඉදිරි දින කිහිපය තුළදී සිය පළමු දරු ප්‍රසූතියට සූදානම් වන අතර ඒ හේතුවෙන් ඩි කොක් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරගවලින්ද ඉවත්වීමට නියමිතව සිටියේය.

කෙසේ වෙතත් ඔහු ඉන් අනතුරුවද නිත්‍ය වශයෙන්ම ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර එක්දින හා පන්දුවාර 20 අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කර ඇති බව දන්වා ඇත.

දකුණු අප්‍රිකානු ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයේම නිත්‍ය කඩුළු රකින්නා හා ප්‍රහාරාත්මක පිතිකරුවෙකුද වන කොක් ටෙස්ට් ඉනිම් 91 කදී ශතක 6 ක් හා අර්ධ ශතක 22 ක් සමගින් රැස් කරගෙන ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 3300 කි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img