Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දරුඵළ ප්‍රමාදනම් රහස් කිහිපයක්

අලුත විවාහපත් වූ සෑම යුවලකගේම බලාපොරොත්තුව ඉක්මනින් තමන්ගේ කැදැල්ල පුංචි කිරිකැටියෙකු එක් කරගැනීමේ සිහිනයයි. නමුත් පවතින විවිධ ප්‍රශ්න නිසාවෙන් මෙම සිහිනිය බොහෝ දෙනෙකුට සිහිනයක් ලෙසම පවතිනවා. ඒ වගේම පුංචි පැටියෙකු නොමැතිව බොහෝ යුවලවල් සිතින් හා මානසික වැටෙන අවස්ථාද බහුලව දකින්න තියෙනවා. ඔබේ දන්නවාද? ඔබේ ලිංගික ජීවිතයේ ඇතිකර ගතයුතු වෙනස්කම් හා එදිනෙදා ජීවිතයේ ඇති කරගත යුතු වෙනස්කම් මෙම සිහිනයට බලපාන බව. එම නිසා එවැනි රහස් කිහිපයක් ගැන අද අපි කතා කරනවා.

01.ප්‍රමාණවත් තරමට ලිංගිකව එක්වීම් පවත්වා ගැනීම.

ඔබ පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම්, ඔබේ ලිංගික ජීවිතය එනම්, අඹුසැමි සම්බන්ධතා ඕනවට වඩා පවත්වන්නත් එපා. ඒ වගේම අඩුවෙනුත් පවත්වන්නත් එපා දවසකට ඒක පාරක් හරි ලිංගික එකතුවීම සිදුකළ හැකිනම් එය වඩාත් හොඳයි. ඒ වගේම දරු පැටියෙකු ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට සිතාගෙන දවසකට කිහිප වතාවක් ලිංගික එකතුවීම සිදු නොකළ යුතු අතර, දවසකට ඒක පාරක් එකතුවීම ප්‍රමාණවත්.

janamaga_com

සමහර වෙලාවට ආර්ථික හෝ කිසියම් පෞද්ගලික ගැටලුවක් නිසා සතියකට එක පාර හෝ දෙපාරක්වත් ලිංගිකව එකතු එක්වීමට නොහැකි වීමට පුළුවන. එවිටද,ගැබ් ගැනීමක්සිදු නොවීමටද පුළුවන්.

එම නිසා ප්‍රමාණවත් තරම් ලිංගිකව එකතු වීම ඉතා වැදගත්. එනම්, දවසකට එක පාරක් හෝ දවස් දෙකකට එක පාර වගේ එකතු වීමක් පවත්වා ගන්න. ඒ වගේම හොඳ ශූකානු සාන්ද්‍රණයක් පවත්වා ගැනීමටත්, හොඳ ආහාරපාන ගැනීම හා ව්‍යායාම කටයුතුවල නිරත වීමත් සිදු කළ යුතුයි.

2. සරු කාලය හොඳින් හඳුනා ගැනීම.

කාන්තාවකගේ සාමාන්‍යයෙන් ඩිම්බයක් නිකුත්වීමක් සිදුවන්නේ මාසෙකට එක පාරයි. එම ඩිම්බය ජීවත්වන්නේ පැය 24යි. එනම්, දවසයි. එම නිසා සරු කාලය හඳුනා ගැනීමත් ඉතාමත් වැදගත්.

නමුත් ඔබ නිතර ලිංගිකව එකතු වීමක් සිදු කරනවා නම්,මෙම සරු කාලය ඔබට මඟ හැරීමක් සිදු නොවේ. ඒ වගේම නිතර ලිංගිකව එකතු වීමෙන් ඔබේ හෝමොන සාන්ද්‍රණය ඉහළින් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම හෝමොන සාන්ද්‍රණය හොඳ මට්ටමක තියෙන කොට සරු කාලයේ හොඳ ඩිම්බයක් පිටවීමක් සිදුවෙනවා.

janamaga_com

කෙසේ වෙතත් සරු කාල සීමාවේදී එම ඩිම්බය නිකුත් වුණ දවස පමණක් නොව දවස් දෙක තුනක් විහිදෙනවා. ඒ වගේම ශූකානුවක් ඇඟ තුළට ඇතුල් වීමෙන් පැය 72ක් ජීවත් වීමට හැකියාව තියෙනවා. එනම්, දවස් 3ක්. ඩිම්බයට හැක්කේ එක දවසක්. ඒම කාල සීමාවේදී ටික සැලකිලමත් වන්න.

3. ලිංගිකව එක්වීමේදී නිවැරදි ඉරියව් පවත්වාගන්න.

janamaga_comනිවැරදිව ඉරියව් පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් දෙයක්. සමහර ඉරියව්වලදී ඔබ ලිංගිකව එක්වීමේදී අපහසුතා ඇතිවීමටද පුළුවන. ඒ වගේම හොඳින් ශූකානු ඇතුළට පිටවීමක් සිදු නොවීමට පුළුවන්. එම නිසා ලිංගිකව එක්වීමේදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සිදුකළ යුතුය.

4. ලිංගිකව එක්වීමෙන් පසු උකුල මද වේලාවක් උස්ව තබන්න.

janamaga_com බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක් තමයි ලිංගික එකතුවීමෙන් පසුව හැසිරිය යුතු ආකාරයට පිළිබඳව නොදැනුවත්කම. එනම්, ලිංගිකව එකතු වීමෙන් පසු ශූකානු එළියට පිටවීමක් සිදු වෙයිද? යන බිය. මෙහිදී ලිංගිකව එක්වීමේන් පසු කාන්තාවගේ උකුල කොට්ටයක් වැනි දෙයක් තබා විනාඩි 4ක් 5ක් වැනි වේලාවක් උස්ව තැබීම ඔබට සිදුකළ හැකිය. නමුත් එය සිදු කිරීම අත්‍යවශයම නොවේ. නමුත් එසේ සිදු කිරීම හොඳයි. ශූකානු පිටතට පිටවීම වගේ කාන්තාවටන් යමක් දැනුණත් එහිදි පිටවීමක් සිදුවන්නේ ශූකානු සමග පිටවන තරලයයි.

5.කෘතිම ලිහිසිකාරක භාවිතා කරන්න එපා.

janamaga_comදරු පැටියෙකු නොමැති වීමෙන් බොහෝ වෙලාවට කාන්තාවන් හෝ පිරිමි පාර්ශවයද පීඩනයෙන් සිටිමට පුළුවන. එවිට ලිහිසි සොබාවය නැති වීමට පුළුවන්. එම වෙලාට සංසර්ගයේ යෙදීමේදී විවිධ ලිහිසිකාරක භාවිතා කිරීමට යෝග්‍ය නොවේ. එයට හේතුව භාවිතා කරන සමහර ලිහිසිකාරක වලින් ශූකානු විනාශ කිරීම වැනි ගැටලු ඇතිවීමට පුළුවන. එම නිසා ලිහිසිකාරක කෘතිම විදියට භාවිතා කිරීමත් නොකළ යුතුයි.

6.සංසර්ගය සිදුවූ විගස ඇඟ සේදීම සිදු නොකරන්න.

janamaga_comබොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් තමයි සංසර්ගය යෙදුණට පසු එම වෙලාවේම ශරීරය පිරිසිදු කිරීම හෝ ලිංගික එකතු තැන් පිරිසිදු කිරීම සිදු කළාට ගැටලුවක් නැද්ද යන්න. එසේ නොකළ යුතුය. සුළු වෙලාවක්. එනම්, විනාඩි 5ක් වැනි කාලයක් සිටීම වඩාත් හොඳයි.

7. ශරීරය සේදීම සඳහා කාන්තාවන් උණු වතුරද, පිරිමින් ඇල් වතුරද භාවිතා කිරීම වඩාත් හොඳයි.

මෙම කාලසීමව තුළදී කාන්තාවක් උණුසුම් වතුර භාවිතා කරන්න. පිරිමි පාර්ශවය උණුසුම් වතුර භාවිතා කිරීම සිදු නොකළ යුතු අතර සීතල වතුර භාවිතා කිරීම යෝග්‍ය වේ. එයට හේතු ශූකානු සැදීමට හොඳ අඩු උෂ්ණත්වයක් පවතින්න ඕනේ. එම නිසා එම ශුකානු රැකගැනීමට සීතල වතුර භාවිතා කිරිම පිරිමි පාර්ශවයට සුදුසුයි.

janamaga_comකාන්තාව උණුසුම් වතුර භාවිතා කිරීමෙන් ශරීරයේ තියෙන උෂ්ණත්වය වැඩිවීම සිදු වෙනවා. එවිට රුධිර ගමනාගමනය, රුධිර සංසරණය වැඩි වෙලා ඩිම්බයක් නිකුත් වීමට හා ලිංගික ක්‍රියාවලයට පහසු වෙනවා.

8. සතුටින් සිටීම.

janamaga_comපුංචි පැටියෙකු කැදැල්ලට එක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාල සීමාවේදී මානසික පීඩා ඔබේ ලිංගික ජීවිතයට අවහිරයක් වීමට පුළුවන. සමහරවිට ගෙදර පරිසරය පවා බලපෑමක් ඇති කිරීමට පුළුවන්. එම නිසා එවැනි දේවල් මඟහරවාගෙන ඔබේ ලිංගික එක්වීම සතුටින් ගත කරන්න පුළුවන් සතුටු කාලසීමක් බවට පත් කර ගන්න.

9. දුම්වැටි හා මත්පැන් භාවිතයෙන් වළකී සිටීම යෝග්‍යයි.

janamaga_comලිංගික සම්බන්ධතා පවත්වන්න කලින් ඇල්කොහොල් හා දුම්වැටි වැනි දෑ භාවිතා කිරීම නොකළ යුතුය. එය පිළිසිඳ ගන්නා දරුවාටද පවා බලපෑමක් විය හැකිය. එම නිසා හැකිතාක් මෙවැනි දෑ භාවිතා නොකළ යුතුය.

10.වැඩි කාලයක් තුරුල්වී ලගටම වී සිටීමෙන් වළකින්න.

janamaga_comපුංචි පැටියෙකු බලාපොරොත්තු වීමෙන් සිටින යුවලකට කියන්නේ ලගින් ඉන්න, ආදරයෙන් ඉන්න හා ලංවෙලා සිටින්න කියලා. නමුත් අලුත බැඳපු යුවලක් වෙන කටයුතු සිදු නොකොට දිගින් දිගට එක ලගට වෙලා තුරුල් වී සිටිම නොකළ යුතුය. එයට හේතුවඑක ලගටම වෙලා තුරුල් වී සිටීම තුළ ඩිම්බ පිටවීම පිළිබඳ ගැටලු ඇතිවීමට පුළුවන. එම නිසා දෙන්නා අතර වෙන් වෙන අවස්ථාත් පවත්වා ගැනීමට වගබලාගත යුතුය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img