Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දිවි නැගුමෙන් බැසිල් සහ රණවක නිදහස්

janamaga-basil-rajapaksha-arerestedදිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාපරාධි පරිහරණය යටතේ බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවෙන් ඔවුන් දෙදෙනා අද  (15)නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාට එරෙහි අධිචෝදනා නීතිපතිවරයා විසින් අද ඉවත් කරගැනීමත් සමගය.

2005 වසරේදී පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 36,509,124/-ක මුදලක් වැටකොට ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුලින් එම මුදල් සාපරාධි පරිහරණය කිරීම පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ මෙලෙස චෝදනා ගොනු කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්දයෙන් මීට පෙරද ගොනුකර තිබු තවත් නඩුවකින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දුකර තිබුනු බව සඳහන් කලේය.

එම කරුනු අධ්‍යනයෙන් පසුව විත්තිකරුන්ට අධිචෝදනා පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ අනුව අපාරාධ නඩු විධාන සංග්‍රහයේ 190(03) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිලිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් දෙදෙනා නිදහස් කිීමට තීන්දු කරන ලදි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img