Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ධනවත් වෙන්නේ කොහොමද? බිල් ගේට්ස් හෙළිකරයි

Janamaga_ධනවත්_වෙන්නේ_කොහොමද_බිල්_ගේට්ස්_හෙළිකරයිබිල් ගේට්ස් ගැන අපි කවුරුත් දන්නවා. 1975දී මයික්‍රෝසොෆ්ට් ආයනය ආරම්භ කළ ඔහු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලෝකෙට හඳුන්වාදී තිබෙනවා. ඔහු ධනවත් පුද්ගලයෙක් වීමට ඔහුගේ ජීවිතයේ අනුගමනය කළ රහස් 10ක් ඔහු විසින්ම හෙළිකරලා තියෙනවා.

01. හැකි තරම් කලින් ආරම්භ කරන්න. යම් දෙයක් තරුණ කාලයේදීම ආරම්භ කලවිට ඔබ එහි පූර්ණත්වයට පැමිණෙනවා. තරුණ කාලයේදී ඔබට ධනවත් වීමට ආශාව පැමිණිවිට රූපවාහිනියේ, අන්ර්ජාලයේ සහ බාහිර ලෝකයේ අහන්න ලැබෙන ධනවතුන්ගේ සාර්ථකත්වයේ ජීවිත කතා ඔබේ හිතට කාවැදී ඒ අනුව ධනවත්බවේ මාර්ගයට පිවිසෙනවා.

02. මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්න. සම්බන්ධතා සාදාගැනීමේදී ඔහුගේ වෘත්තිය හෝ තරාතිරම ගැන නොව ඔහු සාර්ථකත්වයට පත්වීමට දරන උත්සාහය ගැන සිතන්න. එම සම්බන්ධතා වලින් නව අවස්ථාවන් උදාකරගැනීමටත් පොඩි හෝ යමක් ඔවුන්ගෙන් ඉගෙන ගන්නත් පුළුවන්. ඔහු සම්බන්ධතා හදාගන්නේ ඔහුගේ අනාගත සාර්ථකත්වයට වැදගත් අය සමග පමණක් වීම විශේෂත්වයක්.

03. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වූ ගමන්ම ඔහුට ගොඩක් මුදල් උපයන්න පුළුවන් වෙයි කියලා. ඔහු කියන්නේ ඔබටම විහිළු කරගන්න එපා කියලා. ඔබට මොන උපාධිය තිබුණත් අවශ්‍ය තරම් පලපුරුද්ද ලැබෙන තුරු ඔබට කිසිදාක ලොකු සමාගමක අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැ. ඔබට එවැනි ඉහල තනතුරකට යන්න අවශ්‍ය නම් ඔබ කලයුතු වන්නේ ඔබේම ව්‍යාපාරයක් ආරම්භකර එය ඉහලට ගෙනයාමට කැපවීමෙන් වැඩකිරීම හෝ එවැනි ලොකු සමාගමක හොඳින් වැඩකර ඒ හැකියාවන් අන් අයට පෙන්වීමයි.

04. හැකි ඉන්මණින් ඔබ ඔබගේම බොස් වෙන්න. ඔබ ඔබගේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුනහොත් වෙනත් අයෙක් ඔහුගේ සිහිනය සැබෑකරගැනීම සඳහා ඔබව කුලියට ගන්නවා.

05. ඔබගේ අත්වැරදීම් ගැන දුක්වන්න එපා. ඒවාගෙන් ඉගෙන ගන්න. ඔබගේ වැරදිවලට අනිත් අයට දොස් නගන්න එපා. කෙනෙක් ඔබට මෝඩයාට ඇන්දුවොත් එය ඔහුගේ වරදක් නොවේ එහි වරද ඔබේමයි. ඒනිසා අනිත් මිනිස්සුන්ට දොස් නැගීම නවතා ඔබ ඔබගේ වැරදි හදාගන්න. වැරදීම් සිදුවන්නේ ඔබට ඉගෙන ගැනීමටයි. වැරදිවලින් ඉගෙන ගන්න නැවත එවැනි අවස්ථාවක් පැමිණි විට එය ජයගන්න.

06. කැපවෙන්න එයට ආදරය කරන්න. මේක හැම ව්‍යවසායකයෙකුටම ඉතාම වැදගත් උපදේශයක්. ඔබ කරන කටයුත්ත කුමක් වුවත් එයට කැපවෙන්න, එයට ආදරය කරන්න. ලෝකයේ සාර්ථකත්වයට පත්වූ සියලුදෙනා ඔවුන් කල කටයුත්තට ඉතාමත් ආදරය කරනවා. ඔබ ආදරය නොකරන ඔබට පීඩනයක් ගෙනදෙන ඉතා අපහසු කටයුත්තක් ඔබ කරනවානම් ඔබ කරන්නේ හරිදෙයක් කියලා මට විස්වාස කරන්න අමාරැයි.

07. ජීවිතයයි ඔබගේ හොඳම පාසල. ඔබ කොතරම් පොත් කියෙව්වත් ඔබ විභාග සමත්වුණත් කිසිම විශ්ව විද්‍යාලයකටවත්, පාසලකටවත් ඔබට සැබෑ ජීවිතයට හරි හැටි සූදානම් කළ නොහැකියි. සැබෑ ජීවිතයේ රැකියාවන් සහ ප්‍රධානීන් ඔබට යමක් අධ්‍යයනය කිරීමට ඉඩ නොදෙන අතර ඒ වෙනුවට ඔවුන් උගන්වන දේ ඉගෙන ගැනීමට ඔබට සිදුවේ. ඔවුන් උගන්වන දේ ඒ අයුරෙන් පිලිගෙන ඔබ රුකියාවේ ඉදිරියට නොගියහොත් ඔබට සිදුවන්නේ සේවයෙන් ඉවත්වීමටයි. නැතිනම් ඔවුන් ඔබව සේවයෙන් ඉවත්කරාවී.

08. මෝඩ පුද්ගලයන්සේ පෙනෙන අයට හොඳින් සලකන්න. මිනිසුන් මෝඩ පුද්ගලයන්සේ සලකන අය ඇත්තෙන්ම එහෙම නෑ. ඔවුන් මහන්සිවී වැඩකරන කඩිසර දියුණුවීමට දැඩි කැමැත්තක් ඇති පුද්ගලයන් වෙන්න පුළුවන්. ඔබ එවැනි අයට දරුණු විදියට සැලකුවොත් ඔබට වැදගත්වන ගොඩක් වාසි ලබාගන්න පුළුවන් කෙනෙකු ඔබට නැතිවෙන්න පුළුවන්. ඔබ කෙනෙකුට දරුණු විදියට සැලකුවොත් යම් දවසක දෛවය විසින් ඔබට එවැනිම අවස්ථාවන් උදාකරනවා.

09. රූපවාහිනියෙන් ඔබ දකින්නේ සැබෑ ජීවිතය නොවේ. රූපවාහිනියට තදින් ඇලී සිටීම සහ එහි පෙන්වන සමහර දේවල් ඇත්තටම සැබෑ ජීවිතයේදී මිනිසුන් කරන දේවල් ලෙස විස්වාස කිරීම ඔබ වහාම නතර කල යුතුයි. සැබෑ ජිවිතය කියන්නේ ගොඩක් අමාරු දෙයක්. සාර්ථකත්වයට ලගා වුනු කිසිම කෙනෙක් රූපවාහිනිය මෙන් සුපිරි ආපනශාලාවල යාළුවන් සමග වාඩිවී කෝපි බොමින් දවසම ගත කරන්නේ නැහැ. සාර්ථකවීමට නම් දැඩිසේ කැපවී වැඩකිරීමට ඔබට සිදුවෙනවා. එයින් තමන්ගේ ආර්ථික තත්වය වර්ධනය කරගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකරගැනීමට පුළුවන්.

10. ඔබ කොයිතරම් මහන්සිවි වැඩකලත් ඔබට අවශ්‍යදේ ඔබට අවශ්‍ය විදියට හැමවිටම සිදුවන්නේ නැහැ. සමහර විට ඔබගේ කිසිම වරදක් නොතිබුණත් ඔබට ඒවා පාලනය කරගන්න නොහැකිවීඔබට ඇද වැටෙන්න පුළුවන්. ඒත් එවැනි අවස්ථාවලදී ඔබට හැකිවිය යුතුයි තනිව නැගී සිටින්න. ජීවිතය කිසිවිටක සාදාරණ නැහැ. එය ක්‍රීඩාවක්, පරික්ෂණයක්, අවදානමක් ඇදවැටුණු අවස්ථාවල නැවත නැගිටීමට ඔබ ඔබටම උදව්කර නොගන්නේ නම් සාර්ථකත්වය කරා යාමට ඔබ සුදුස්සකු නොවේ.  සාර්ථක පුද්ගලයන් හැමවිමට දන්නවා ජීවිතය සාධාරණ නැහැ කියලා. ඔවුන් ජයග්‍රහනය ලබන තුරුම නැවත නැවතත් නැගී සිටිනවා.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img