ලොව ආකර්ෂණීයම කාන්තාවන් සිටින්නේ ඉන්දියාවේ යැයි කියමනක් තිබේ. අවස්තා කිහිපයකදීම ඉන්දියාව ලෝක රූ රැජින කිරුළ දිනා තිබෙන නිසා එහෙම කියන එකේ වරදකුත් නැහැ. කෙසේ නමුත් ලොව සුන්දරම කාන්තාවන් ඉන්දියාවේ සිටියත්, ඊට නොදෙවෙනි සුන්දර යුවතියන් අසල්වැසි පාකිස්තානයේ, බංග්ලාදේශයේ මෙන්ම නේපාලයේද නොඅඩුව සිටියි.
එනිසා අප කතා කරන්නේ ලෝකයට එතරම් ජනප්‍රින නැති නේපාල රිදී තිරය හැඩකරන සුන්දරම නිළියන් 10 දෙනා පිළිබඳවය.
නේපාලයේ තිබෙන්නා වූ දැඩි සංස්තෘතික මතවාද හේතුවෙන් අතීතයේ නම් රංගනයේ නිතරවන නිළියන්ට එතරම් පිළිගැනීමක් නොතිබුණි. රංගනයේ නිරත වන නිළියන් ගැන නේපාල මිනිසුන්ගේ ඇසෙහි ගෞරවයක් හෝ හොඳ දැක්මක් නොතිබුණි.
කෙසේ වෙතත් තාක්‍ෂණයේ දියුණුවත්, චිත්‍රපට කර්මාන්තයේ නව ප්‍රවණතා ඉදිරියේ නේපාල චිත්‍රපට කර්මාන්තයට විශාල ගෞරවයක් හිමි වූ අතර, රංගනයේ නිතරවන නිළියන්ට පවා ඉහළ වටිනාකමක් හිමිවිය. කළත් ඉන්දීය සිනමාව හැඩකළ මනීෂා කොයිරාල යනුද නේපාලයේ ඉපිද, එරට චිත්‍රපට හරහා ඉන්දීය සිනමාවට පැමිණි තැනැත්තියකි.
ඒ අනුව වත්මන් නේපාල චිත්‍රපට ක්ෂේත්‍රයේ ආකර්ණීය නිළියන් දස දෙනා පිළිබඳ හැදින්වීමකි මේ.
ප්‍රියංකා කර්කි (Priyanka Karki)
උපන් දිනය – 1987 පෙබරවාරි 27 (අවුරුදු 34)
ප්‍රියංකා කර්කි යනු රංගනයට මෙන්ම නර්තනයටද සුවිශේෂී හැකියාවක් ඇති ශිල්පිනියකි. එමෙන්ම ඇය දක්‍ෂ ගායිකාවක් ලෙසද සැලකෙයි. ගුවන් විදුලියෙන් සහ රූපවාහිනී කතා මාලාවකින් සිය රංගන වෘත්තිය ආරම්භ කළ කර්කිගේ පළමු චිත්‍රපටය 3 lovers වෙයි.
නම්රටා ශ්රේස්තා (Namrata Shrestha)
උපන් දිනය – 1985 ජූනි 14 (අවුරුදු 36)
Sano Sansar චිත්‍රපටය හරහා චිත්‍රපට කර්මාන්තයට පිවිසි නම්රටා, වඩාත් කීර්තියට පත් වූයේ Mero Euta Sathi Chha නම් චිත්‍රපටයෙනි.
කෙසේ නමුත් කළත් ඇයට සිය වෘත්තීය ජීවිතයේ විවිධ හැලහැප්වීම් වලට මුහුණදීමට සිදු ඇත. එහෙත් ආත්ම විශ්වාසයෙන් සිය අභියෝගන්ට මුහුණදෙමින් නැවත චිත්‍රපට ක්‍ෂේත්‍රයට ශක්තිමත් ලෙස පැමිණි අතර, අවසානයේ සම්මානලාභී නිළියක් වීමට භාග්‍ය උදා වූවාය.
කත්මණ්ඩු පෝස්ට් සඟරාවේ අනුව ඇය නේපාලයේ හොඳම නිරූපිකාවන් 05 දෙනා අතරටද පැමිණියාය.
ස්වස්තිමා ඛඩ්කා (Swastima Khadka)
උපන් දිනය – 1995 ජූලි 04 (අවුරුදු 26)
ස්වස්තිමා ඛඩ්කා මේ දිනවල නේපාලයේ වඩාත් ජනප්‍රියම නිළියක් ලෙස සැලකෙයි. ඇය මුලින්ම රංගනයට පිවිසියේ ‘Hostel Returns චිත්‍රපටයෙනි. වත්මන් නේපාල චිත්‍රපට කර්මාන්තයේ ඉහළම මිලක් අයකරන නිළියන් කිහිප දෙනා අතරද ඛඩ්කා සිටියි.
ඛඩ්කා නේපාලයේ රූ රැජිනක්ද වන අතර, ඇය ඒ සඳහා තේරීපත් වූයේ ඇයට වයස අවුරුදු 17දීය. ඛඩ්කා චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණීමට ප්‍රධාන හේතුවක් වූයේ මියුසික් වීඩියෝ කිහිපයකටම සිය දායකත්වය ලබාදීම හරහාය.
බර්ෂා රවුත් (Barsha Raut)
උපන් දිනය -1993 දෙසැම්බර් 14 (අවුරුදු 28)
Nai Nabhannu La 4 නම් චිත්‍රපටයෙන් රංගනයට පිවිසි රවුත්, නේපාලයේ සිටින ආකර්ෂණීයම නිළියන් අතර ඉහළින් තැබිය හැකිය. ඇයට ඇපෙක්ස් විද්‍යාලයේ උපාධියක්ද හිමිය.
පාසල් කාලයේ සිටම රංගනයට ප්‍රියකළ රවුත්, Rojeko Maile නම් මියුසික් වීඩියෝව හරහා නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය රංගන දිවිය ආරම්භ කළාය. පහළම මට්ටමේ සිට රංගන දිවිය ආරම්භකළ රවුත්ට ඉතා කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයේ ඉහළම නිළියන්ගේ ලැයිස්තුවට පැමිණීමට හැකි වූවාය.
සම්රාගී ආර්.එල්. ෂා (Samragyee RL Shah)
උපන් දිනය – 1995 නොවැම්බර් 18 (අවුරුදු 26)
නේපාලයේ ලබාදෙන සම්මාන උළෙල අතර ‘Face of Classic Diamond jewelers නම් සම්මානයේ අනුශූරතාව දිනාගැනීමත් සමඟ ජනප්‍රියත්වයට පත් වූ සම්රාගි, ‘Dreams චිත්‍රපටයේ දැක් වූ අගනා රංගනය හේතුවෙන් ‘හොඳම නවක නිළියට හිමි සම්මානය දිනාගත්තාය.
A Mero Hajur 2, Maruni, Timi Sanga යනාදියේ චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ ඇය, 2018 වසර් රගපෑ Intu Mintu London Ma චිත්‍රපටය වසරේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත්විය. ඇය නේපාලයේ පැවැත්වෙන තවත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන FAAN-2016 හොඳම නවක නිළියට හිමි සම්මානයද දිනාගත්තාය.
සුහානා තාපා (Suhana Thapa)
උපන් දිනය – 1996 ජූලි 23 (අවුරුදු 25)
සුහානා තාපා යනු නේපාල චිත්‍රපට කර්මාන්තයේ නැගී එන නිළියකි. A Mero Hajur 3 චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සුහානා, දායක වී ඇත්තේ චිත්‍රපට කිහිපයක් පමණි.
නේපාල සිමනා ක්ෂේත්‍රය හා සම්බන්ධ පවුලකින් පැවත එන නිසා ඇයට ක්‍ෂේත්‍රයේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමට හැකි වූ අතර, සුහානා තාපා නාමය හොඳම නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම තිබේ.
Suhana Production නමින් ඇයගේම නිෂ්පාදන ආයතයක් ඇයට හිමිවිය. සුහානාට තවමත් පෙම්වතෙක් නැති බව වාර්තා වුවද, නේපාල නළුවෙකු වන ඇන්මෝල් කේ.සී. සමඟ සමීප සබඳතාවක් පවත්වන බව සඳහන්.
සුරක්ෂා පන්තා (Surakshya Panta)
උපන් දිනය – 1994 පෙබරවාරි 20 (අවුරුදු 27)
සුරක්ෂා පන්තා නේපාලයේ සිටින වඩාත් ප්‍රසිද්ධ මෙන්ම කාර්ය බහුළම නිළියකි. ඇයගේ රංගනයට සක්‍රීය ලෙස දායක වුවද, ඇය ඉංජිනේරු ශිෂ්‍යාවක් වේ. සිවිල් ඉංජිනේරුවරියක ලෙස 2014දී කේ.ඊ.සී. උපාධිය ඇය සම්පූර්ණ කර ඇත.
2015 වර්ෂයේදී සුරක්ෂා සිය රංගන ජීවිතය ආරම්භ කළ අතර, ඛාගේන්ද්‍ර ලමිච්චාන් සමඟ රඟපෑ Dhanapati චිත්‍රපටය හරහා නේපාලයේ විශාල ආකර්ෂණයක් ඇතිකර ගැනීමට ඇයට හැකිවූවාය.
අංචල් ෂර්මා (Aanchal Sharma)
උපන් දිනය -1995 මාර්තු 18 (අවුරුදු 25)
නේපාල සිනමා කර්මාන්තයේ තවත් ජනප්‍රිය පවුලක් වන උත්තම් දවාදි (පියා) සහ මිරා ඩවාඩි (මව) දෙදෙනාගේ දියණිය අංචල් ෂර්මාගේ සම්පූර්ණ නාමය වන්නේ අංචල් ෂර්මා දවාඩි ශ්‍රේෂ්තාය.
රිදී තිරයට පැමිණීමට පෙර සිටම මියුසික් වීඩියෝ වල පෙනී සිටි ඇය, Nai Nabhannu La – 4 සහ Shatru Gate චිත්‍රපට හරහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූවාය. අංචල් සිනාමාවට පැමිණීමට මඟ විවර වූයේ Miss +2 beauty Peagent හරහාය.
පූජා ෂර්මා (Pooja Sharma)
උපන් දිනය – 1994 අප්‍රේල් 30 (අවුරුදු 27)
නේපාලයේ ඉතා සුන්දරම පළාතක් වන සින්ධුපල්ච්වොක් පළාතෙන් චිත්‍රපට කර්මානයට පැමිණි පූජා, The Three Lovers හරහා සිය වෘත්තිය රංගන දිවිය ආරම්භ කළාය. පූජා ෂර්මා රංගනයට පැමිණීමට පෙර මාධ්‍යවේදිනියක් වන අතර, පුවත්පත් කලාව පිළිබඳ උපාධියක්ද හිමිය.
ආදරවන්තියගේ චරිත සඳහා පණපෙවීමට වඩාත් ඇලුම් කරන පූජාට සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියට යාමට දැඩි අරගලයන්ට මුහුණ දීමට සිදු වූවාය. විශේෂයෙන් පූජාගේ පියාගෙන් ඇයට කිසිදු සහයෝගයක් නොතිබුණි. නමුත් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඇගේ මව ඇය සමඟ සිටියාය. සියලු කැපකිරීම්හි ප්‍රතිඵලයක් ලෙස ඇයට නේපාලයේ හොඳම නිළියන් දස දෙනා අතරට පැමිණීමට හැකි වූවාය.
ජසිතා ගුරුං (Jassita Gurung)
උපන් දිනය -1996 මැයි 16 (අවුරුදු 25)
ශ්‍රී ලංකාවේ ප්‍රනාන්දු, ඉන්දියාවේ ෂර්මා වැනි ජනප්‍රිය නේපාලයේ ජනප්‍රිය පවුල්නාමයකි ගුරුං. එම නාමය ඇති ජසිතා ගුරුං, නේපාලයේ සිටින තවත් ආකර්ෂණීයම නිළියකි.
එවරසට් කඳු පාමුල සුන්දර පොකාරා ප්‍රදේශයේ ජසිතා උපතා ලැබූවද, ඇගේ ළමා කාලය ගත වූයේ එක්සත් රාජධානියේය. නර්ථනයට සුවිශේෂී හැකියාවක් සතු ඇය, 2017 වසරේදී එක්සත් රාජධානියේ පැවති UK Dance Off 2017 සම්මානය දිනා ගත්තාය.
Lily Bily චිත්‍රපටයෙන් මංගල සිනමා රංගන දිවිය ආරම්භ කළ ජසිතා එම චිත්‍රපටයෙන් බොහෝ සම්මාන දිනාගනිමින් ක්ෂේත්‍රයේ ඉහළ අවධානයක් දිනා ගත්තාය. ජසිතා ද විවිධ ජාතික හා ජාත්‍යන්තර නැටුම් තරඟ සඳහා නේපාලය නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති නර්තන ශිල්පිනියකද වෙයි.