Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පණට ආදරේ නම් මේ ආහාර කන්න හිතන්නවත් එපා

ලෝකයේ දිනෙන් දිනම වාර්තා වන රෝගී තත්ත්යක් තමයි පිළිකා රෝගී තත්ත්වය කියන්නේ. පිළිකා කියන රෝගී තත්ත්වය මීට දශකයට පෙර ගොඩක්ම අහන්න ලැබුනේ බටහිර රටවලින් පමණයි. නමුත් දැන් අපේ රට තුළට මෙම පිළිකා රෝගී තත්ත්වය නිතර නිතර අහන්න ලැබෙනවා. අප රට තුළ පවතින බෝ නොවන රෝගවලින් වැඩි ප්‍රමාණයක් මිය යෑමට පිළිකා රෝගී තත්ත්වය බලපාන‍වා. මෙම රෝගය ඇති වන්නේ අපේ සෛල විකෘතිවීමක් තුළින්. පසුව එය ‍ශරීර පුරාවටම පැතිර යෑමක් සිදුවෙනවා. එනම්, පිළිකා සෛල ව්‍යාප්ත වෙනවා කියන්නේ මේ සිදුවීමට. වෛද්‍යවරු කියන විදියට මේ සඳහා හේතු 2ක් තියෙනවා. එකක් තමයි රසායනික ද්‍රව්‍ය. අනිත් එක තමයි විකිරණ. ඒ වගේම අපේ ආහාර රටාව මෙම රෝගී තත්ත්වයට බෙහෙවින් බලපානු ලබනවා. එම නිසා අපි අද කතා කරන්න යන්නේ මිනිසුන් පිළිකා රෝගී තත්ත්වයට තල්ලු කරන ලොව වඩාත් පිළිකා කාරක ආහාර වර්ග කිහිපයක් ගැන. මේ තුළ පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍ය බහුලවම පවතිනවා.

janamaga.beef01. සකසල ලද මස් වර්ග (Processed Meat)

සෝසෙජස්, හොඩ්ඩෝග්, බේකන් හා ටින් කරන ලද වැනි විවිධ මස් වර්ග මේ යටතට අයත් වෙනවා. අපිට අමාශයේ පිළිකා හදන්න හා ආහාර මාර්ගයේ බඩවැල්වල පිළිකා හදන්න මේවා ප්‍රධාන හේතු කාරක වෙනවා.

ඒ වගේම රතු මස් වර්ග (ඌරු මස්, බැටළු මස්, හරක් මස්) අධික ලෙස ආහාර ගැනීමෙන්ද පිළිකා හැදීමේ අවදානම වැඩි වෙනවා. තවද මස් වර්ග හොඳින් පිළියෙළ නොකර බාගෙට පිළියෙළ කර ආහාරට ගැනීමෙන්ද පිළිකා අවදානම ඇතිවිය හැකියි.

janamaga-alcohocl-arrack2. මත්පැන් හා දුම්පානය

මත්පැන් මගින් අපේ ආහාර මාර්ගය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. එනම් අපේ මුඛය ආශ්‍රිතව, ගලනාලය  ආශ්‍රිතව පිළිකා ඇති කිරීමට හේතුවක් තමයි මත්පැන් කියන්නේ. ඒ වගේම අධික ලෙස දුම් පානය කිරීමෙන්ද අපේ පෙනහලු ආශ්‍රිතව පිළිකා ඇති කිරීමට සෘජුවම බලපානවා.

janamaga-gmo3. ජාන වෙනස් කළ ආහාර (GMO)

ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් ස්වභාවික හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කර එනම්, ජාන විකෘතිවීමකට ලක්කර විශාල ඵල අස්වැනක් ලබාගැනීම සඳහා නිපදවන ආහාර. එනම්, ඔබ විසින් බහුලව භාවිතා කරන සෝයා හා තිරිඟු අඩංගු ආහාර නිෂ්පාදනය කරන්නේ මේ ආකාරයට. පිළිකා රෝගීන්ගේ වැඩි පිරිසක් GMO ආහාර අනුභව කළ අය බවටද පරීක්ෂණවලින්හෙළි වී තිබෙනවා.

janamaga-fast-food4. මයික්‍රෝවේව් කරපු ආහාර හා ක්ෂණික ආහාර වර්ග

ආහාර තුළ තියෙන ජල අංශු සහ මේද අංශුවල ඇති අනුක ජලය වේගයෙන් කම්පනය කිරීම මයික්‍රෝවේ උදුනකින් සිදු කරනු ලබනවා. මේ තුළින් ආහාර තුළ ඇති ප්‍රෝටීන් හා මේදය වැනි සංඝටක විකෘතිවීම්වලට ලක් වන්න පුළුවන් මේ වගේ වෙනස්කම් වීම තුළින් පිළිකා සෛල ඇතිවීමේ ඉඩකඩ බහුලයි.

janamaga-eating-too-many-sugary-and-oily-foods5. අධික ලෙස පැණි රස හා තෙල් සහිත ආහාර ගැනීම

අධික සීනි සහිත කෑම ආහාර හා තෙල් සහිත ආහාර ගැනීමට තුළින් තරුබාරු වැඩි වීමට පුළුවන්. එනම්, පිළිකා ඇති වීමට ප්‍රධානම සාධයක් තමයි අපේ තරුබාරුකම අපේ BMI අගය වැඩි වෙනකොට ඒ පිළිකා අවදානම වැඩි වන අතර අපිව මරණයට පත්වීමේ හැකියාව වැඩි වෙනවා. එම නිසා අප සෑමදෙනාම මේ BMI අගය නිසි ප්‍රමාණයට රැගෙන එන්න නියමිත බර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒම නිසා ව්‍යායාම කටයුතු නිතර වීමත් වඩාත් යෝග්‍ය වෙනවා.

මේ තුළින් අපට පියුරු පිළිකා, ගර්භාෂයේ ඇතිවන පිළිකා, තරොයිඩ් පිළිකා සහ ආහාර මාර්ගයේ ඇතිවන පිළිකා හා පුරස්ථ ග්‍රන්ථයේ ඇතිවන පිළිකාත් ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.

5. නැවත පිසූ තෙල් භාවිතා කර සැකසු ආහාර

ආහාර පිසීම සඳහා එකම තෙල් වාර ගනණාවක් භාවිතා කිරීම තුළින් මේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවෙනවා. එම නිසා භාවිත කරන තෙල් වර්ග එක් වරක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img