“සියැටෙල්” (seattle) මේ නම ඔබට ආගන්තුක වුවක් නොවෙයි. සුදු අධිරාජ්‍යවාදී පාලකයින් විසින් ඇමරිකානු ස්වදේශික බිම් අත්පත් කර ගැනීමට එරෙහිව අභීතව සටන් කළ රතු ඉන්දියානු නායකයා ලෙස ඔහු ඉතිහාසගතව ඇත.
1780 වසරේදී වොෂිංටන් නුවර මෙලේබ් දුපත ආශ‍්‍රිතව උපත ලද ඔහුගේ සැබෑ නම “Siahl” ය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් ස්වදේශික භූමි බලප‍්‍රදේශය අත්පත් කර ගැනීමට එරෙහිව ඔහු අභීත ලෙස සටන් වැදුනි. තම පෞද්ගලික් වාසි හෝ තනතුරු වෙනුවෙන් තම වර්ගයා කිසි දිනක පාවා නොදිනි.
මිනිසුන් වශයෙන් උපත ලද අප විසින් මේ පෘතුවිමාතාවට සිදු කරමින් පවතින සියදහස් ගනනක් වන යුතුකම් හා වගකීම සම්බන්ධව ඔහු නිරන්තරව ජනතාව දැනුවත් කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් තම වර්ගයා පාවා දෙන නායකයින් සිටින යුගයක සියැටෙල් වඩා අමරණිය වන්නේ එහෙයිනි. මිනිසා අනෙක් සතුන්ට වඩා වඩා බුද්ධිමත් ජීවියෙකු ලෙස ඉටුකිරීමට දැඩි පාරිසරික වගකීමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
සියටෙල්ගේ මව නමින් ඩුවමිෂ් වූ අතර පියා එම ගෝත‍්‍රයේම නායක ස්විබ් ^Shweabe& විය. මව්පිය උරුමය දරා වැඩුණු සියවෙල් තරුණයා පසුකාලීනව එම ගෝත‍්‍රයේ නායකයා බවට පත්විය. මේ කාලයේ දී තම ගෝත‍්‍රයට එල්ල වූ විවිධ වූ බාධා හමුවේ සැබෑ යුධ වීරයකු ලෙසද ඔහු ඉස්මතු විය. අඩි හයක් පමණ උස සියටෙල් අරෝහපාංශු දේහධාරියකි. ඉතා ගැඹුරින් හා සියල්ලටම ඇසෙන සේ ඈතට කථාකිරීමේ හැකියාව ද සියැටෙල් සතුව තිබී ඇත. එය කිලෝමීටර් 1.21දුරට විහිදුන කට හඬක් බව වාර්තාවෙයි.
සියටෙල්ගේ පළමු බිරිඳ ලා ඩෙලිෆා වන අතර ඔවුන්ට දාව දියණියක් වුවාය. ඔහුට තවත් පුතු නවදෙනෙකු ද හා දියණියන් හතර දෙනෙකුද දෙවන විවාහයේ දී ලැබුනි. ඔහුගේ දෙවන බිරිඳ ගේ නම ඔල්හායි වූවාය. 1848 වසර ආසන්නයේ දී සියැටෙල් කතෝලික ආගම වැළඳගන්නා ලදි. 1866 වසරේ පුනි 05 දින මෙම ශේෂ්ඨ මිනිසා මියගියේය.
සුදු අධිරාජ්‍යවාදන් ස්වභාවිකව පැවති ස්වදේශීය වාසභූමි විනාශ කිරීම සමග එයට එරෙහිව නැඟී සීටීමට සියටෙල්ට සිදුවිය.ඔවුන්ගේ අරමුණ වූයේ ස්වදේශිකයිනගේ භූමි අල්වා ගෙන ස්වදේශිකයින් මෙම උපන් භූමි වලින් පිටමං කිරීමටයි.
මෙහිදී ඇමරිකානුවන්ගේ අරමුණ වූයේ පසුකාලීනව සියටෙල් නගරය ලෙස නම් වූ සියැටෙල්ගේ උපන් භූමි භාගය අත්පත් කර ගැනීමය. මෙය “සියටෙල් යුද්ධය” (Bettle of Seattle& ලෙස නම් කර ඇත. සියටෙල් මෙහිදී සුදු ජාතික ඇමරිකානුවන් සමග ආයුධමය යුද්ධයකට නොගියේ ලේ වැගිරීමට ඔහු බලාපොරොත්තු නොවූ නිසාය.
1855 වසරේ දී ඔහුස්වදේශිය භූමි අත්පත්කර ගැනීමට විරුද්ධව යවන ලද ඓතිහාසික ලිපිය එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ෆෑන්ක්ලින් පියර්ස් වෙත යොමු කරන්නේ මෙම ස්වදේශික ඉඩම් මංකොල්ලයට විරුද්ධවය. මෙමගින් ඔහු සඳහන් කළේ දෙවන පෑතිස් රජුට මිහිඳු මහරහතන් වහන්සේ කළ ප‍්‍රකාශයට සමාන ප්‍රකාශයකි. එනම් මේ නිල වශයෙන් භූමියේ පාලකයා ඔබ වුවත් මේ ගහකොල, ජලය සතා – සිවුපාවා , ගොඩබිම ආදියේ අයිතිකාරයා හෝ ඒවා දේශපාලකයින්ගේ බූදලයක් නොවන බවයි.
එසේම 1859 වසරේ මාර්තු 11 වන දින සියටෙල් නගරයට රැස්වූ ජනතාව අමතා ඔහු ඉතා වැදගත් දේශනයක් පවත්වන ලදි. මෙම දේශනයෙහි අඩංගු කරුණු ඇමරිකානු ජනාධිපතිවරයාට යවන ලද ලිපියක අඩංගු වූ කරුණ වලට බොහෝ දුරට සමාන විය. අපි දැන් එම සියටෙල් ප‍්‍රකාශනයට යොමුවෙමු.
“ අහස හෝ පෘතුවිය හෝ උණුසුම සිසිල හෝ කිසිවකුට මිල දී ගැනීමට හෝ විකිණීමට හෝ නොහැකිය. මේ අන්දමට භූමිය මිලදී ගැනීමට දරණ උත්සාහය අපට නම් මහා පුදුමයකි. වායුගොලයේ නැවුම් බව හෝ ජලයේ ජීව ගුණය හෝ අපට අයිති නැති දෙයක්ය. අපට අයිති නැති දෙයක් අපෙන් ඔබ මිලදී ගන්නේ කෙසේ ද?”
”මේ පෘතුවියේ සෑම භූමි භාගයක්ම මගේ මිනිසුනට පූජනීය ස්ථානයකි, ශුද්ධ භූමියකි. සෑම ගසක්, පොත්තක්, වැලි කැටයක්ම ජල බිඳුවක්ම ජල වාෂ්පයක්ම මාගේ මිනිසුනගේ ශුද්ධවූ පුජා වස්තුවකි.”
“ගහකොළ තුල තුළ සංසරණය වන ජල ප‍්‍රවාහ වල මාගේ මිනිසුන්ගේ අත්දැකීම් සහ මතකය ඇත. ඒ තුල රතු ඉන්දියානුවන්ගේ ජීව ගුණය හා මතකය ඇත. සුදු මිනිස්සු මරණින් අනතුරුව දිව්‍ය ලොවට ගමන් කිරීමේදී තමන් උපන් බිම අමතක කරති. නමුත් අපේ මිනිස්සු මියගිය පසු තමන් උපන් බිම අමතක නොකරති. ඔවුනට පෘතුවියේ සුන්දරත්වය අමතක නොවෙති. පෘතුවිය යනු අපගේ උපන් බිමයි. අපගේ එකම මවයි’. මේ සුවඳ දෙන ගහ ගහ කොළ මල් අපගේ සහෝදරියන්ය නිල් අහසේ වනාන්තරයේ සැරිසරණ කුරුල්ලන්, අශ්වයින්, රාජාලයන් අපගේ සහෝදරයන්ය.
“ගස්ගල් සතා සිවුපාවා මෙන්ම සිසිලස උණුසුම සමග මිනිසාද එකම පවුලක සාමාජිකයින්ය. ඉතිං වොෂිංටන් නුවර සිටින සුදු පාලක නායකයා අපගේ ද භූමි මිල දි ගැනිමට කැමති බව දන්වා එවීම අපට බොහෝ දේ සිතීමට ඉඩ හරියි. ඔවුන් අපගේ වාසභූමි අත්පත් කරගෙන අපට අලූත් නවාතැන් ලබාදීමට සූදානම්ය. ඒවායේ අපට සුවසේ ජීවත් වීය හැකි බව පවසයි ඔහු එනම් ඇමරිකානු ජනාධිපතිවරයා අපට පියෙක් වන බවත් අප ඔහුගේ දරුවන් බවත් පවසයි මේ නිසා අපට අපගේ වාසභූමි විකිණීමට අපහසු නැත එහෙත් ගැටළුව මේ භූමි අපගේ ශුද්ධ වූ පූජා වාසභූමි වීමයි.”
මේ දිදුලන, සිසිලස දෙමින් ගලායන දියපහර වල පවතින්නේ හුදු ජලය පමණක් නොවෙයි.ඒවායේ අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය අඩංගුය.
අප මේ භූමිය සුදුපාලකයින්ට විකිණීම යනු අපගේ මුතුන් මිත්තන් ශුද්ධ වූ රුධිරය ද විකිණීමයි.ඔබ ඔබේ දරුවන්ට ද මේ භූමියේ ඉහළවටිනාකමක් පවතින බව පැවසිය යුතුය. ඒවා ශුද්ධ වූ භූමියයි. මේ ජලේය සෑදෙන සිතුවම් රූ පවසන්නේ අපගේ මිනිසුන්ගේ ආත්මයයි. ජල පහර වල පවතින නාදය යනු මගේ මුතුන් මිත්තන්ගේ පරපුරේ මිනිසුන්ගේ මුවින් පිටවූ නාදයන් බව ඔබ සිහියේ තබාගත යුතුය.
ගංඟාවෝ අපගේ පිපාසය සංසිඳවති. ගංඟාවෝ අපට ආහාර සහ ජලය ලබා දෙති අපව පෝෂණය කරති අප අපගේ භූමි ඔබට විකුණුවහොත් ඔබ ඔබගේ දරුවන්ට ඒවා අපගේ සහෝදරියන් බව පහදා දෙනු මැන මගේම සහෝදරයෙකුට දන්වන කරුණාව ඔබ මේ ගලායන ජල පහරට දැක්විය යුතුය.
ඔබ සුදු මිනිසුන් මේ සියල්ල මේ අන්දමට තේරුම් නොගන්නා බව මට සහතිකය. මේ සියල්ල ඔවුනට වෙළඳ භාණ්ඩ පමණි ඔවුන්ට පෘතුවිය ඔවුන්ගේ සහෝදරයකු නොවෙයි.
තමා පාතබා සිටින්නේ තම පියාගේ සුසානය මත බව ඔහුට මතක නැත. ඔහු මේ කිසිවකට ගරු නොකරයි. තම දු දරුවන්ගේ ප‍්‍රයෝජනයට ඔහු භූමිය කෑදර කමින් සූරා කයි ඔහුට පෘතුවිය ගැන හැඟීමක් නොමැත.
පියවරුන්ගේ අතීතය මෙන්ම දරුවන්ගේ අනාගතය ඔහුට මතක නැත ඔහුගේ මව පෘතුවිය ලෙස නොසලකයි අවශ්‍ය වූ විට ඔහු සියලල බැටළුවකු ලෙස විකුණා දමයි ඔහුගේ කෑදරකම අවසානයේ මේ පෘතුවිය පාළු කාන්තාරයක් බවට පත්කර දමයි.
අප සිතන අන්දමට හා ඔබ සුදු ජාතිකයින් සිතන අන්දමට අතර වෙනසක් පවතින බව මට අවබෝධ වෙයි. එමනිසා ඔබගේ දියුණු යැයි පවසන නගර සහ ගොඩනැගිලි දකින විට රතු ඉන්දියානුවන් වන අපට මහත් වේදනාවක් දැනෙයි මේ කිසිවක් අපට නොතේරෙයි ඒ අප උපන් භූමියට ගරු කරන නිසා වන්නට පුළුවනි.
සුදු මිනිසුන්ගේ නගර වල පවතින අති මහත් වූ ඝෝෂාව අපට නම් කිසිම මිහිරක් නොවෙයි වසමන්තයේ මිහිරි නාද, ගහකොළ වල සිසිලස, කෘමීන්ගේ පියපත්වල නාද මේ කිසිවක් ඔබට නොඇසෙයි මේ ජීවිතයේ අරමුණ සහ අර්ථය කුමක් ද? මා මෝඩ ප‍්‍රාථමික මිනිසෙකි මට මේ කිසිවක් නොතේරෙන්නේ ඒ නිසාදැයි දන්නේ නැත.
මා රතු ඉන්දියානු නූගත් මිනිසෙකි. මේ මිනිසාට මේ කිසිවක් නොතේරෙයි පොකුණු පිස එන මඳනල නගන හඬට අප කැමතියි. සුළඟේ සුවඳට මා ආශා කරයි. සුළං පහර විසිවි බිඳු පෙරා පෙරා සිසිලස අප වෙත රැගෙන එයි.
රතු ඉන්දියානුවන්ට මේ වායු ගෝලය ඉතා වැදගත්ය. අප සියළු දෙනාම ආශ්වාස ප‍්‍රාශ්වාස සිදුකරන්නේ මේ වාතයෙනි. ගහකොළ, සතුන්, මිනිසුන් සියල්ලට හුස්ම ගන්නේ මෙම වාතයයි සුදු මිනිසුන්ට තමන් හුස්ම ගන්නා මේ වාතය ගැන අවබෝධයක් නොමැත ඔහු මේ කිසිවක් නොතේරෙන නපුංසක ජීවියකු බඳුය ඔහුට සංවේදනාවක් නොමැත.
අප අපගේ මේ වාසභූමි විකුණුවන ලද නමුත් මේ වාතය අපට ඉතා වටිනාකම් බව ඔබ සිහියේ තබා ගත යුතුය.
මේ වායුගෝලයේ අපට මුතුන් මිත්තන්ගේ පළමු මෙන්ම අවසාන හුස්ම පොද අඩංගු වී තිබෙයි අප මේ භූමිය විකුණා දැමුවද ඔබ එය සිහියේ තබා ගත යුතුය සුදු මිනිසුන් ප‍්‍රණීත ලෙස සලකන මෙම වාතය රන්වන් වී ඇත්තේ ඈත නිම්නවල පවතින මල් වල සුවඳිනි.
අප මේ භූමිය විකිනීමට කැමතිය. එසේම මේ සඳහා එක් කොන්දේසියක් පමුණමි. ඒ මේ සියළු පරිසරය සුදු මිනිසා විසින් තම සහෝදරයෙක් තරමට සැළකිය යුතුය ආදරය කළ යුතුය.
මා නූගත් ගැමියෙකි. මට බොහෝ දේ නොතේරෙයි නගර ඉඳිවෙන විට ඒවායේ සිටින ගවයන් හා අනෙක් සතුන් දහස් ගණනක් සුදු මිනිසා විසින් වෙඩි තබා මරා දමනු ඇත. අශ්ව කෝච්චි, ගුවන් තොටුපළවල් නව මාර්ග ආදිය මේ ස්වභාවික සතුන්ට වඩා වටින්නේ කෙසේ දැයි මට නොතේරෙයි.
මේ පරිසරය තුල කුරුල්ලන් කෘමින් නොමැති වුව හොත් තුමක් සිදුවේ ද? මිනිසාට ද සිදුවන්නේ මේ සතුන්ට අත් වූ ඉරණමය.
අප මේ පය ගසා සිටින්නේ අපගේ මුතුන් මිත්තනගේ භෂ්මාවශේෂ මත බව ඔබ ඔබගේ දරුවන්ට උගන්වන්න. එසේ වූවහොත් ඔවුන් තම භූමියට ගරුකරනු ඇත. මේ මහ පොළව අපගේ අතීත මුතුන් මිත්තන් ගේ ජීව ගුණයෙන් සාරව ඇති බව ඔවුන්ට දන්වන්න. ඔබගේ දරුවන් තුළ ඇතිවිය යුතු හැඟීම මේ මහ පොළව තමන්ගේ මව බවයි. මේ පෘතුවිය මත සිටින අප සියළු දෙනාම එම මවගේ දරුවන්ය. අප මේ පොළවට කෙල ගසන්නේ නම් ඒ අප අපටම කෙල ගසා ගැනීම බව සිතන්න.
පෘතුවිය මිනිසාට පමණක් අයත් වුවත් නොවෙයි. අප සියළු සත්තවයින්ගේ රුධිරය ඊට දායක වී ඇත. මිනිසාට මෙහි අධිරාජ්‍යය නැතිව නොහැක. මෙය අන්තර්ජාලයකි අප පෘතුවියට සිදුකරන හානිය අප අපට සිදුකරගන්නා හානියකි, විනාශයකි.
සුදු මිනිසා සමග දෙවියන් හිතවත්ව කථා කලද මේ පොදු ධර්මතාවයෙන් මිදීමට ඔහුට නොහැකිය. අප සියළු දෙනාට මෙහි සහෝදරයන්ය එසේම සුදු මිනිසාට කියා වෙනමම දෙවි කෙනෙක් නැත ඔහුගේ මෙන්ම අපගේ දෙවියන්ද එක් අයෙකි මේ දෙවියන් සුදු මිනිසාට මෙන්ම රතු ඉන්දියානු මිනිසාට ද එක ලෙස සළකයි.
අප පෘතුවියට හානි කිරීම මෙහි නිර්මාණ කරුවාට ද්‍රෝහි වීමකි මෙසේ මිනිසා පෘතුවියට හානි කලේ නම් අනෙක් සියළු ගෝත‍්‍ර වලට පෙර සුදු මිනිසා වඳ වී යනු ඇත.
දෙවියන් අප මෙහි කැඳවන්නේ සුවිශේෂි කටයුත්තකටය මේ වන විට වනාන්තර වලින් ගවයින් උකුස්සන් සියල්ලම අතුරුදහන්ව ඇත මේ ජීවයේ අවසානයයි.
මව දරුවකුට ආදරය කරන තරමකට අප පෘතුවියට ආදරය කරයි අප ඔබට මේ සියල්ල විකුණා දැමුව හොත් අප එයට ආදරය කල අන්දමට ඔබත් එයට ආදරය කරන්න.”
සියැටෙල් විසින් පැවසූ දෙයම මහගම සේකරයන්ද අපට කියා දී තිබෙයි මේ ඔහු අපට ඒ බව කියූ හැටියි අපට කියූ හැටියි.
රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි//
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී//
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ//
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්ධූපමාන වැව් තලා මතින් ඇදී//
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා
රන් කරල් නමා හමා
සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී වනින්//
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ
ආකාශයේ නැගී//
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
සටහන – වෛද්‍ය ජි.ජි. චමල් සංජිව