Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පවුල් 40,000කට ප්‍රතිලාභ සැලසෙන මහකිතුලේ ව්‍යාපෘතිය

Janamaga_පවුල්_40,000කට_ප්‍රතිලාභ_සැලසෙන_මහකිතුලේ_ව්‍යාපෘතියවයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සදහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ පොල්පිතිගම ඉරුදෙණියාය මහකිතුල ප්‍රදේශයේ.

වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය අතර, මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ.

මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යල මහ යන දෙකන්නයේම හෙක්ටයාර 12,000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ.

වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහාද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ.

මේ වනවිට ලබාගතයුතුව තිබූ ඉදිකිරිම්වල ප්‍රගතිය අවම මට්ටමක පැවතීම සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා කඩිනමින් එය වර්ධන කර ඉදිකිරීම්වල ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන එන ලෙසත් ව්‍යාපෘතිභාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img