Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ප්‍රතිසංස්කරණ යැයි කියමින් පොලොන්නරුවේ කිරිවෙහෙරට ඇණ ගසා විනාශ කරන බවට චෝදනා

පොලොන්නරුව ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක උරුමයක් වන කිරි වෙහෙරේ ප්‍රතිසංස්කරණය කටයුතු යැයි කියමින් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් යකඩ ඇණ සිය ගසා එහි ඉපැරණි බදාම තට්ටුවට හානි සිදුකරමින් සිටිම බව කියමින් එහි වාසය කරන භික්ෂූන්වහන්සේලා විසින් විරෝධතාවයක නිරත විය

ඊයේ (25) මෙම විරෝධතාව පැවති අතර එම අවස්ථාවට සහභාගී වෙමින් පුරා විද්‍යාත්මක ස්ථාන සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් සඳහන් කරනුයේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින්  අඩි හයක් පමණ චෛත්‍ය පුරා පැවති ඉපැරණි බදාම ඉවත් කර ප්‍රතිසංස්කරණය කිරීම් කටයුතු සිදුකරන බවත් ඔවුන් විසින් කිරිවෙහෙරට ඇණ ගසා විනාශ කරමින් බවතින බවයි.

“ඓතිහාසික පොලොන්නරුව කිරිවෙහෙර කියලා කියන්නේ අවුරුදු 900ක් පැරණි පුරා විද්‍යාත්මක හා ඓතිහාසික උරුමයක්.මේ ඓතිහාසික උරුමය විනාශ කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු කරගෙන යනවා.දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අඩි හයක් පමණ චෛත්‍යය වටේටම පැරණි බදාම අයින් කරලා ප්‍රතිසංස්කරණය කරන්න යනවා.දැනටමත් අයින් කරලා.විශාල යකඩ ඇණ ගහලා.අවුරුදු 900ක් පැරණියි මේ බදාමවලට.කිරිවෙහෙර ඉතාම පරිස්සමෙන් වුවමනාවෙන් කළ යුතු සංරක්ෂණයක්.නමුත් ඒ කිසි දෙයක් නෑ.මේ අය ඇණ ගහලා විනාශ කරනවා.

වෙන රටවල පුරා විද්‍යා ඉස්මාරක සංරක්ෂණය කරන්නේ කොහොම ද? ඒක දන්නේ නැද්ද? පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේකට අවසරය දුන්නාද? බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා වී ඕ ජී දොස්තර මහත්තයෙක්. වී ඕ.ජී දොස්තර මහත්තුරු පුරාවිද්‍යාව ගැන දන්නේ මොනවාද? අගමැතිතුමා තීරණයක් ගන්නවා පොලොන්නරුව පූජා නගරය කාපට් කරන්න.කිරිවෙහෙර ප්‍රතිසංංස්කරණය කරන්න.හැබැයි අගමැතිතුමාටත් හිතුමතයට එහෙම කරන්න බෑ.පුරා විද්‍යාවත් මේවට අවසර දීලා තියෙනවා.ඒක පුරා විද්‍යා නීති රීති උල්ලංගනය කිරීමක්.අගමැතිතුමාට සූරියවැව ක්‍රීඩාංගනය හදනවා වගේ මේ පොලොන්නරුවේ ඓතිහාසික පූජා නගරය කාපට් කරන්නවත් කිරිවෙහෙර ට හානි කරන්නවත් බෑ.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අද පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන එකක් නෙමෙයි.ඒ අයගේ බෝඩ් එක වෙනස් කර ගන්න වෙනවා.ඉපැරණි ඉඩම් වෙන්දේශි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා.අපි මේකට විරුද්ධව පුරා විද්‍යා ආඥා පණත ප්‍රකාරව නඩු මගට යනවා.”

janamaga-polonnaruwa-kiriwehera

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img