Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ප්‍රමාණවත් කරුණුවලින් තොරව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අනුමත කරගන්නවා – විමල්

janamaga-wimal-weerawanshaඅමාත්‍ය මණ්ඩලය තුල ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අනුමත කරගන්නා බවට අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ඇතැම් පත්‍රිකා ප්‍රමාණවත් සාකච්ඡාවකින් සිදුවූයේ නම් රට තුල සිදුවු ඇතැම් දේ නිවැරදි වීමට හැකියාවක් තිබු බවය.

“සමහර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එදා දිනයේම එනවා එදා දිනයේම ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව අනුමත කරගන්නවා. ඕනම හොඳ දෙයක් උනත් ක්‍රියාවට නගද්දි සැලසුම් සහගතව ගොඩනගන්න ඕනේ. ඒවගේම කාලය,දීපය, දේශය,කුළය,මලය මේ හැම දේම හොයන්න ඕනේ තව වසංගතයක් තියන කාලෙක මේ වගේ දේවල් කරන්න හොඳද මේ ඒකට කාලයද, සමාජය බලගන්නන්න පුලුවන්ද, ඒකට ගොවිජනතාව මානසිකව සූදානම් කරන්න පුලුවන්ද?, ඒකට කෘෂිකර්මාන්ත යාන්ත්‍රණය සූදානම් කරන්න පුලුවන්ද මේ හැමදේම තක්සේරු කරලා ඒවගේම ඒකට රසායනික පොහොර සමාගම් වලින් එන්න පුලුවන් ප්‍රතික්‍රියා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කොහොමද වගේ මහා සාකච්ඡාවකින් සැලසුමකින් සිදුවිය යුතු දෙයක් මේ වගේ වසංගත තත්වයකට මුහුණ දීලා ඉන්න කාලෙක ඒ තීරණය ගත යුතුද කියලත් සලකලා බැලිය යුතුව තියෙනවා.

ඇත්ත වශයෙන්ම මේ පිලිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව ඇතුලේ සිදුවුනානම් සමහර දේවල් මීට වඩා නිවැරදිව කරන්න පුලුවන්කම තිබුණා. මම මේ ගැන අමාත්‍ය මණ්ඩලයේදිත් ප්‍රශ්න කලා මේක සුදුසු ක්‍රමයක් නෙමෙයි කියන එකත් මම කියලා තියනවා” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img