ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා සංචාරක පාකිස්තාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන ටෙස්ට් (සිවුදින) ක්‍රිකට් තරගාවලියට හා නිළ නොවන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (16දා) ප්‍රකාෂයට පත් කළේය. මෙහි නායක ලෙස සදීර සමරවික්‍රම නම්කර ඇත.
මෙම තරගාවලියට නිළ නොවන ටෙස්ට් තරග 02ක් හා නිළ නොවන එක්දින තරග 03ක් ඇතුළත්ය. පළමුව ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර, එය එළබෙන ඔක්තෝබර් 28 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි නිළ නොවන ටෙසට් ක්‍රිකට් තරගයද පල්ලේකැලේදීම පැවැත්වෙන අතර, එය ලබන නොවැම්බර් මස 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවත්වේ.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10, 12 හා 15 යන දිනවල පැවැත්වේ.
මෙහි මූලික සංචිතයට නම්කර සිටි ධනංජය ලක්ෂාන් ආබාධයක් හේතුවෙන් නම්කර නොමැති අතර, ඔහු වෙනුවට ළහිරු සමරකෝන් කැඳවා ඇත. එමෙන්ම මේ වනවිට විස්සයි20 ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩාකයෙකු නම්කර තිබෙන ශිරාන් ප්‍රනාන්දුද මෙම තරගාවලියට සහභාගි නොවන අතර, ඒ හේතුවෙන් චාමික ගුණසේකර කැඳවා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කළ මෙම සංචිතයට යොවුන් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතියද හිමිව ඇත.
ශ්‍රී ලංකා ඒ සංචිතය
සදීර සමරවික්‍රම (නායක), නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, ලසිත් කෘස්පුල්ලේ, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, ෂම්මු අශාන්, ලසිත් අබේරත්න, කලණ පෙරේරා, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, විශ්ව ප්‍රනාන්දු, සුමින්ද ලක්ෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, අෂේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, චාමික ගුණසේකර, ළහිරු සමරකෝන්
සදීර සමරවික්‍රම