වැල්පෙනෙල ගැන කතා කළොත්, වැල්පෙනෙල තුළින් මිනිස් සිරුරේ ධාතු වර්ධනය කොට ස්නායු දුබලතා නැති කිරීමේ රසායන මෙන්ම වාජීකරන ගුණයෙන් යුතු ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.
පිරිහී ගිය පුරුෂ ශක්තිය හා බලය ඇතිකරන ප්‍රබල ඖෂධයකි වන අතරම කෑම රුචිය ඇති කරන්නත්, තරුණ පෙනුම රඳවන්නත් හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත් මෙම ශාකයෙන් ලැබෙන්නේ මහත්රුකුලකි.
දේශීය වෙදකමේදී හා ආයුර්වේද වෙදකමේදී බොහෝ අවස්ථාවල ඖෂධ ලෙස පෙනෙලවැල්වල, පෙනෙලකොළ, පෙනෙලමුල්, පෙනෙල ගෙඩි හා පෙනෙල දළුද යොදා ගිනිති. මී විෂට මෙන්ම අනෙකුත් විෂ නැසීමට හා ධාතු වර්ධක ඖෂධයක් ලෙසද බෙහෙවින් වැල්පෙනෙල යොදා ගනු ලබයි.
දියවැඩියාව නොහොත් මධුමේහයට, අණ්ඩවාතයට වැනි රෝගයන් සඳහා දේශීය වෙදකමේදී හා ආයුර්වේද වෙදකමේදී හෙවින් යොදාගනිති.
වැල්පෙනෙල කැඳ ධාතු වර්ධනයට, පුරුෂයන්ගේ ශුක්‍ර මේහයට සහ කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරයට ඉතාම ගුණදායක වන ඹෟෂධීය කැඳකි. අක්ෂිරෝග, රත්පිත්, සෙමවාත සන්නිරෝග පක්ෂගාත ආදී රෝග සඳහාද භාවිතා කරන ඉතාමත් වටිනා ඖෂධීය වටිනාමක් ඇති ඖෂධයක් වැල්පෙනෙල හැඳින්විය හැකිය.