මංගල උත්සව සඳහාද අද මධ්‍යම රාත්‍රීයේ සිට මින් පෙර පනවා තිබූ මාර්ගෝපදේශ වලින් කිහිපයක් ලිහිල් කිරීමට නියමිත ඇත.
එමඟින් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ධාරිතාවයෙන් 25% ලෙස උපරිමය 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි කර ගනිමින් මර්ගොපදේශයන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර හිමිවීමට නියමිතව තිබෙනවා.
එසේම පහත සඳහන් පරිදි තවත් සීමාවන් කිහිපයක්ම ලිහිල් කිරීමක් සිදුවනු ඇති බවටයි මින් පෙර නිකුත් කෙරුණු මාර්ගෝපදේශයේ සඳහන් ව තිබුණේ.
කෙසේ වෙතත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර පරිදි මේ පිළිබඳ අවසන් තීරණය අද රැස්වීමට නියමිත කෝවිඩ් මර්ධන කමිටුවේදී ගැනීමට නියමිත බවයි.