Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මහ බැංකුවේ FSSCC කමිටුව යලි පත් කරයි

ශ්‍රී ලංකා මහබැංවේ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ඔක්තෝම්බර් 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නැවත ස්ථාපිත කිරීමක් සිදුකල බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මූල්‍ය අංශයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වන පරිදි මෙම කමිටුව නැවත ස්ථාපිත කල බව ඔවුන් පවසයි.

තවද මෙම කමිටුව මගින් මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය පිලිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මහ බැංකුවට සහය වීම පිණිස අදහස් හා උපදෙස් ලබා දෙන සාකච්ඡාවලට පහසුකම් සැපයීමේ අරමුනින් පිහිටුවන ලද්දක් බවද මහ බැංකුව අවධාරණය කරයි.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ක්ලියර් පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය කෙනෙත් ද සිල්වා කටයුතු කරන අතර, අනෙකුත් සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලක්ෂ්මන්ද සිල්වා, ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ උප සභාපති සංජය බණ්ඩාර, ලංකා වාණිජ මන්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, කොළඹ වරාය නගර කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මහතා සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී සභාපති ක්‍රිෂාන් බාලේන්දු යන අයවළුන් කටයුතු කරන බවද මහ බැංකුව නිකුත් කල නිවේදනයේ සඳහන්.janamaga--central-bank

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img