මුහුදු ආහාර අපනයනයෙන් මේ වසරේ මුල් මාස 07ක කාලය තුළදී ශ්‍රී ලංකාව ලද ආදායම මත්ස්‍ය නිෂ්පාදන ආනයනය සඳහා වැයකළ මුදලට වඩා ඩො. මි. 110කින් වැඩි බව බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වසරේදී මෙරට මුහුදු ආහාර අපනයනය 2014 වසරේදී අත්කරගත් ඩො. මි. 122ක ආදායම් අතිරික්තය ඉක්මවනු ඇති.
මෙරට වියළි හාල්මැස්සන් අවශ්‍යතාවයෙන් සියයට 99ක්ම පසුගිය වසරේදී ආනයනය කෙරුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 31ක් වැය කර ඇති බවද එහිදී හෙළිවිය.