තමන් රුපියල් මිලියන දහසක (1,000,000,000ක) එනම් රුපියල් බිලියනයක ණයක් ලබා ගත් බව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (ALLI.N0000) සමාගම සඳහන් කරයි.
එම සමාගම විසින් පසුගිය 08 වැනි දින කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙය අප්‍රධාන ණය මුදලක් (subordinated loan) බව සමාගම සඳහන් කරයි.
මෙම ණය මුදල ලබා ගත් පාර්ශ්වය සම්බන්ධයෙන් එම සමාගම අනාවරණය කර නැති අතර එය පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ලබා ගත්බව සමාගම පවසයි..
මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගෙන යා යුතු අදියර II මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය සමාගම් සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමනයන්ට අනුකූලවීම උදෙසා මෙම ණය මුදල ලබා ගත් බව එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී වැඩිදුරටත් සඳහන් කර ඇත.