යුරෝපය පුරා කෝවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් වූ ඩෙල්ටා හා ඔමික්‍රෝන් වෛරසයන්ගේ පැතිරීම අතිශය වේගවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒමගින් වැඩිදුරටත් පවසන්නේ මෙය සුනාමියක් ලෙසින් මේ වන විට වර්ධනය වී ඇති බවයි.
ඒ් බව පසක් කරමින් ප්‍රංශයේ පිට පිට දෙවැනි දිනටත් රෝගීන් වාර්තා වීම උපරිම අගයක් කරමින් ඊයේ (29දා) රෝගීන් දෙලක්ෂ අටදහසක් වාර්තා විය. ඒන්නත්කරණය හමුවේ රෝගී මරණ සංඛ්‍යාවෙහි සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණත් ඒන්නත්කරණය මන්දගාමී රටවල බොහෝ මරණ සංඛ්‍යාවක් තවමත් දක්නට ඇත.
පෝලන්තයේ ඊයේ දිනක මරණ සංඛ්‍යාව 794 ක් ලෙසින් වාර්තා වූ අතර ඒය සිව්වැනි රැල්ලේදී පෝලන්තයේ වාර්තා වූ ඉහළම අගය වේ.
මේ අතර ඉහළ යන රෝගීන් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රෝහල්වලද අධික තදබදයක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ අනුව අතිශය ඉහළ අගයක් ගෙන ඇති අතර ඊයේ (29දා) වනවිට එය දිනකදී මිලියන 1.2 ක තරම් ඉහළ අගයක් ගෙන තිබුණා.
මේ අතර ලෝක බලවතා වූ ඇමරිකාවටද මෙය දරුනු ලෙස බලපා ඇති අතර ඊයේ වන විට නව කෝවිඩ්-19 ආසාධිතයින් හතලිස්දහසක් ඒරටින් වාර්තා වූ අතර දිනක මරණ සංඛ්‍යාවද ඒක්දහස් අටසීයක මට්ටමට පැමිණ තිබුණා.